Skip to content

2015 මැයි 20
එක්සත් ජනපදය

සාක්ෂිකරුවන් එක්සත් ජනපදයේ නගර 11ක “යේසුස් වගේ වෙමු!” කියන සමුළුව පවත්වනවා

සාක්ෂිකරුවන් එක්සත් ජනපදයේ නගර 11ක “යේසුස් වගේ වෙමු!” කියන සමුළුව පවත්වනවා

නිව් යෝර්ක් - යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “යේසුස් වගේ වෙමු!” කියන සමුළුව එක්සත් ජනපදයේ මුලින්ම පවත්වන්නේ 2015 මැයි 22වෙනි සිකුරාදා උදෑසන ඉඳලයි. ඒ සති අන්තයේ නොමිලේ පවත්වන මේ සමුළුව නිව් ජර්සි, ජර්සි සිටිවල ස්ටැන්ලි තියටර් ඇතුළු ස්ථාන 11ක පවත්වනවා. හැම දවසකම 41,000කට වඩා වැඩිදෙනෙක් ඒ තැන් 11ට එයි කියලා බලාපොරොත්තු වෙනවා.

නිව් යෝර්ක්, බෘක්ලින්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ නියෝජිතයෙක් වන ජේ. ආර්. බ්‍රවුන් මෙහෙම කියනවා. “අපේ ආරාධනාව පිළිගෙන තමන්ගේ ප්‍රදේශයේ පවත්වන සමුළුවට සහභාගි වෙන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඒ අවස්ථාවට සහභාගි වෙන්න තමන් දරපු වෑයම ගැන ඔවුන් සතුටු වෙනවා කියලා අපිට විශ්වාසයි. ‘යේසුස් වගේ වෙමු!’ කියන තුන්දින සමුළුවට එන අය මොන වයසක, මොන පසුබිමක හිටියත් හැමෝටම යේසුස්ගේ බලවත් ඉගැන්වීම් ඇතුළත් දේවල් දවස් 3 පුරාම අහන්න, දකින්න ලැබෙයි.”

මැයි ඉඳලා පටන්ගන්න මේ සමුළු මාලාව අවසන් වෙන්නේ 2016 ජනවාරිවලයි. සාක්ෂිකරුවන් ‘යේසුස් වගේ වෙමු!’ කියන තුන්දින සමුළුව රටවල් 92ක ස්ථාන 5,000ක විතර පවත්වනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විසින් සැලසුම් කරලා තියෙන මේ වැඩසටහන සංඥා භාෂා 55ක් ඇතුළු භාෂා 347කින් සම්පූර්ණයෙන්ම හරි කොටසක් හරි ඉදිරිපත් කරනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000