2016 ඔක්තෝබර් 26
එක්සත් ජනපදය
සාක්ෂිකරුවන් කොලම්බියා හයිට්ස්හි අංක 97 ගොඩනැඟිල්ල විකුණයි
නිව් යෝර්ක් - 2016 ඔක්තෝබර් 26වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බෘක්ලින්, කොලම්බියා හයිට්ස්හි අංක 97 දරන ස්ථානයේ පිහිටි ගොඩනැඟිල්ල විකුණනවා කියලා නිවේදනය කළා. තට්ටු 11කින් යුත් ඒ නේවාසික ගොඩනැඟිල්ල තියෙන්නේ බෘක්ලින් හයිට්ස්වල උතුරු මායිමේ. ඒ ගොඩනැඟිල්ලේ ඉඳන් බලද්දී ඊස්ට් රිවර් ගඟත් අහස උසට නැඟුණු මැන්හැට්න් නගරයේ ගොඩනැඟිලිත් දැකගන්න පුළුවන්.
ඒක හදලා තියෙන්නේ 1980දී ගින්නකින් විනාශ වුණු හොටෙල් මාගරට් කියලා හඳුන්වපු හෝටලය තිබුණු ඉඩමේ. අලුත් ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියා වුණේ ස්ටැන්ටන් එක්ස්ටුට්. ඒකට තඹ අලංකරණ, මැටිවලින් නිමවූ පිටත බිත්ති, බිත්තියෙන් ඔබ්බට විහිදෙන විදිහට හදපු ජනෙල් වගේ ගිනිගත්ත හෝටලයේ තිබුණු සමහර අංග එකතු කරලා තියෙනවා. 1986දී ඒ ගොඩනැඟිල්ල ඉදි කරන අතරතුරේදී සාක්ෂිකරුවන් ඒක මිල දී අරගෙන සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සාමාජිකයන්ට නේවාසික පහසුකම් දෙන්න ඒක යොදාගත්තා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ඉන්න මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ඩේවිඩ් ඒ. සෙමොනියන් මෙහෙම කිව්වා. “පහුගිය අවුරුදු 30 පුරා අපේ සාමාජිකයන් සිය ගණනකගේ නිවහන වුණේ කොලම්බියා හයිට්ස්හි අංක 97 ගොඩනැඟිල්ල. ගොඩනැඟිල්ලේ ආකර්ෂණීය පෙනුම වගේම පිහිටීම නිසා ඒක නවාතැනකට කියාපු තැනක්.”
වර්ග අඩි 88, 610ක් පුරා විහිදිලා තියෙන මේ ගොඩනැඟිල්ලට නේවාසික ඒකක 97ක් තියෙනවා. ඒවායින් සමහරකට පොඩි මිදුලක් තියෙනවා. සමහර ඒවාට සඳලුතලයක් තියෙනවා. ගොඩනැඟිල්ලේ වාහන 30ක් ගාල් කරන්න පුළුවන්. ඒකට ඔරේන්ජ් මාවතේ තියෙන පෞද්ගලික පිවිසුම් මාර්ගයකින් ඇතුල් වෙන්න පුළුවන්.
සෙමොනියන් මහතා මෙහෙම විස්තර කරනවා. “අපි 2016 සැප්තැම්බර් 1වන දා ඉඳන් නිව් යෝර්ක් නගරයේ වෝර්වික් තියෙන අපේ අලුත් ලෝක මූලස්ථානයේ ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා. ඉතිං අපේ කාර්යාලත් අපේ සාමාජිකයන්වත් එහෙට අරං ගියා. කොලම්බියා හයිට්ස්හි අංක 97 ගොඩනැඟිල්ල විකිණීමත් එක්ක අපේ කටයුතුත් ඉස්සරහට යනවා.”
මාධ්‍ය ප්‍රකාශක:
ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-718-560-5000