Skip to content

2017 අප්‍රියෙල් 19
ඕස්ට්‍රේලියාව

ඩෙබී සුළිකුණාටුව ඕස්ට්‍රේලියාව කලඹයි

ඩෙබී සුළිකුණාටුව ඕස්ට්‍රේලියාව කලඹයි

2017 මාර්තු 28වෙනිදා ඩෙබී සුළිකුණාටුව හමා ගියේ උතුරු ක්වීන්ස්ලන්තයට මරු පහරක් එල්ල කරමින්. වෙරළාසන්න ප්‍රදේශය සහ ඒ ආශ්‍රිත දූපත් හරහා පැයට කිලෝමීටර් 260ක වේගයකින් හමා ගිය ඒ සුළිකුණාටුවට හසු වුණු ගස් ඉදිරී වීසි වුණා. ගොඩනැඟිලිවලට තදබල හානි සිදු වුණා. නගරාසන්න වෙරළවල්වල නවතා තිබූ බෝට්ටු කුඩු පට්ටම් වුණා. සුළිකුණාටුවෙන් පසු දකුණු ක්වීන්ස්ලන්තය සහ උතුරු සවුත් වේල්සය පුරා ජලගැලීම් සිදු වුණා. විදුලි බලය ඇණ හිටීම නිසා දසදහස් ගණනක් දෙනා අසීරුතාවට පත් වුණා.

ලැබුණු වාර්තාවලට අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක් කෙනෙක්වත් මරණයට පත් වෙලා හෝ දරුණු ලෙස තුවාල ලබලා තිබුණේ නැහැ. කොහොමවුණත් එයාලගේ නිවාසවලට හුඟක් හානි වෙලා තිබුණා. එක නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන දෙකකටත් හානි සිදු වෙලා තිබුණා.

ඕස්ට්‍රේලියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගින් සහන සේවා කමිටු දෙකක් පත් කළා. විපතට පත් වුණ අයගේ අවශ්‍යතා වෙනුවෙන් ඉක්මන් පියවර ගන්නත් ආහාර පාන සහ ජෙනරේටර් වගේ දේවල් සපයන්නත් ඒ කමිටු පියවර ගන්නවා. අනිත් සාක්ෂිකරුවන් විපතට පත් සාක්ෂිකරුවන්ට අවශ්‍ය මානසික සහනයත් දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න අවශ්‍ය උපකාරත් ලබා දෙමින් ඉන්නවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය, ලෝක ව්‍යාප්ත සේවය සඳහා සාක්ෂිකරුවන්ට ලැබෙන සම්මාදම් යොදාගෙන ලෝක මූලස්ථානයේ සිට සහන සේවා කටයුතු සංවිධානය කරනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

ඔස්ට්‍රලේසියාව: රොඩ්නි ස්පින්ක්ස්, +61-2-9829-5600