Skip to content

2015 ජනවාරි 27
කසක්ස්තානය

කසාක් භාෂාවෙන් අලුත්ම බයිබලයක්!

කසාක් භාෂාවෙන් අලුත්ම බයිබලයක්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ගෙරිට් ලෝෂ් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කසාක් භාෂාවෙන් මුදාහරියි.

කසක්ස්තානයේ අල්මා-අටා - යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2014 සැප්තැම්බර් 26-28 දක්වා පැවැත්තුව සමුළුවේදී කසාක් භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුදාහැරියා. ඒ අවස්ථාවේදී රැස් වෙලා හිටපු 3,721දෙනාටම අලුත් බයිබලයක් ලැබුණා.

තුර්කි භාෂාව පිළිබඳ විද්‍යාවේ ප්‍රවීණයෙක් වුණ ආචාර්ය ඇලෙක්සැන්ඩර් ගර්කවෙට්ස් කසාක් භාෂාවෙන් ලැබුණ ‘නව ලොව පරිවර්තනය’ ගැන මේ වගේ අදහසක් පළ කෙරුවා. “සීමිත පහසුකම් තිබුණත් සාක්ෂිකරුවන්ගේ පරිවර්තකයන් ශුද්ධ බයිබලය කසාක් භාෂාවට පරිවර්තනය කරපු එක විශිෂ්ට කාර්යයක්. කසාක් භාෂාව අලුත්ම විදිහට හැසිරුවත් මුල් භාෂාවේ තියෙන අදහසම එන විදිහට පරිවර්තනය කරලා තියෙන එක අගය කරන්න වටිනවා. මේ බයිබලයේ තියෙන්නේ අද දින පාවිච්චි කරන කසාක් භාෂාව නිසා හුඟක් අයට පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන්.”

විවෘත ආරාධනාවක්: සාක්ෂිකරුවන් හැදුව සම්ප්‍රදායක කූඩාරමේ කෑම බීම පිළිගන්වනවා.

සමුළුවට පස්සේ සතියේ, ඒ කියන්නේ ඔක්තෝබර් 3වෙනිදා ඉඳලා කසක්ස්තානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය බලන්න එන්න කියලා විවෘත ආරාධනාවක් කළා. ශාඛා කාර්යාලයේ අලුත් බයිබලය ප්‍රදර්ශනය කරලා තිබුණා. ප්‍රවෘත්ති ආයතනයක් (Radio Azattyq) මේ අවස්ථාව ගැන වාර්තා කළේ මේ විදිහටයි. “ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් මේ ආගමික මධ්‍යස්ථානය බලන්න ගියා. ඔවුන් අතරේ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නූර්සාන් සාපාර්කුල්, ආගමික කටයුතු හා සම්බන්ධ විදේශීය නියෝජිතයන්, ආගම් පිළිබඳ අධ්‍යයනය කරන ප්‍රවීණයන් සහ තවත් අය හිටියා.” සාපාර්කුල් මහතා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අල්මා-අටාවල තියෙන ඔවුන්ගේ මධ්‍යස්ථානයට අපිව සාදරයෙන් පිළිගත්තා. ඔවුන් තිබ්බ පියවර ප්‍රශංසනීයයි. ඒක අපේ වැඩවලටත් ලොකු උපකාරයක්.”

ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නූර්සාන් සාපාර්කුල් (මැද), ආගමික කටයුතු හා සම්බන්ධ කමිටුවේ වෙනත් නිලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය බලන්න ඇවිත්.

ආරාධනා පත්‍ර අල්මා-අටා නගරයේදී බෙදාහැරියා.

කසක්ස්තානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන පොලාට් බෙක්සාන් කියන්නේ මෙහෙමයි. “මේ අවුරුද්දේ පැවැත්තුව අපේ සමුළුවට ලැබුණු ප්‍රතිචාරය ගැනත් කසාක් භාෂාව කතා කරන අය තමන්ගෙම භාෂාවෙන් ලැබුණ බයිබලය අගය කරපු එක ගැනත් අපි හුඟක් සතුටු වෙනවා. ඒ වගේම අපේ ශාඛා කාර්යාලය බලන්න එන්න කියලා අපි රජයේ නිලධාරීන්ට, මාධ්‍යයේ ඉන්න අයට සහ අපේ අසල්වාසීන්ට කරපු විවෘත ආරාධනාව පිළිඅරගෙන ආපු අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන වඩාත් හොඳින් අවබෝධ කරගන්න අවස්ථාවත් ලැබුණා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

කසක්ස්තානය: පොලාට් බෙක්සාන්, විමසීම්: +7 727 232 36 62