Skip to content

2018 අප්‍රියෙල් 11
කසක්ස්තානය

කසක්ස්තානයේ ටේමර් අක්මෙදොව්ව සිරෙන් නිදහස් කරයි

කසක්ස්තානයේ ටේමර් අක්මෙදොව්ව සිරෙන් නිදහස් කරයි

කසක්ස්ථානයේ ජනාධිපතිවරයා වන නුර්සුල්තාන් නසාර්බායෙව් විසින් ටේමර් අක්මෙදොව්ට සමාව ලබා දී සිරභාරයෙන් නිදහස් කෙරුවා. ඒ 2018 අප්‍රියෙල් 4වෙනිදායි. 2018 මාර්තු 27වෙනිදා හදිසි ශල්‍යකර්මයක් කිරීම සඳහා රෝහල්ගත වීමට බලධාරීන් ඔහුට අවසර දුන් අතර ඔහු දැනට ඇල්මටිහි රෝහලක සුවය ලබමින් සිටිනවා.

වයස අවුරුදු 61 වන ඔහුව සිරගත කළේ 2017 ජනවාරි 18වෙනිදා. ඒ වෙන මොකටවත් නෙමෙයි, තමන්ගේ ආගම ඇදහීම නිසායි. ආයෙමත් තමන්ගේ පවුලේ අයත් එක්ක එකතු වෙන්න ලැබුණ එක ගැන ඔහු හුඟක් සතුටු වෙනවා.

යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයාව ගලවාගත්ත එක ගැන අපි හැමෝටම සතුටුයි.–2 සාමුවෙල් 22:2.