Skip to content

2014 ජූලි 25
ක්‍රොඒෂියාව

සාක්ෂිකරුවන් බෝල්කන් රටවල සහන සේවා ක්‍රියාත්මක කරයි

සාක්ෂිකරුවන් බෝල්කන් රටවල සහන සේවා ක්‍රියාත්මක කරයි

ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ් - බෝල්කන් රටවලට 2014 මැයි 13-15 දක්වා ඇද හැළුණු මහා වැසි නිසා බොස්නියා, හර්ස්ගොවිනා වගේම ක්‍රොඒෂියාව සහ සර්බියාවත් මෙතෙක් සිදු වී ඇති දරුණුතම ජලගැල්මට ලක් වුණා. ඒ වගේම නාය යෑම් 3,000ක් විතර වාර්තා වුණා. ජර්මනියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන්ගේ සහයෝගය ඇතුව, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ සාක්ෂිකරුවන්ගේ සහන සේවා කණ්ඩායම් විපතට පත් වූ අයට උදව් කරන්න ඉක්මනින්ම පියවර ගත්තා.

සහන සේවා කණ්ඩායම්, උන්හිටි තැන් අහිමි වුණ අයට ප්‍රවාහණ පහසුකම්, ආහාර, ඇඳුම් පැළඳුම් හා තාවකාලික නිවාස ලබා දුන්නා. කිසිම සාක්ෂිකරුවෙක් මිය ගියේවත් තුවාල ලැබුවේවත් නැහැ. ඒත් ඔවුන්ගේ නිවාස 14ක් දරුණු ලෙස හෝ සම්පූර්ණයෙන්ම කැඩී බිඳී ගියා. සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයකුත් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒවා ඉදි කරන්නත් අලුත්වැඩියා කරන්නත් සහන සේවා කණ්ඩායම් සැලසුම් යෙදුවා. ඒ නිවාස හදලා දුන්නේ ඉක්මනින් ඉදි කරන්න පුළුවන් වෙන විදිහට කලින්ම සකස් කරලා තිබුණ කොටස් එකතු කරලයි.

ක්‍රොඒෂියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයෙක් වන යෝසිප් ලියෝවික් මෙහෙම කියනවා. “අපේ සභාවල ඉන්න කිසිම කෙනෙක් මේ විපතින් අනතුරට ලක් වුණේ නැහැ. ඒක අපිට සහනයක්. ඒත් තමන්ගේ නෑදෑ හිතමිතුරන් අහිමි වීම නිසා වේදනාවෙන් ඉන්න අය ගැන අපිට කනගාටුයි. බෝල්කන් රටවල ඉන්න අපේ අසල්වැසි ජනයාට සැනසීමක් ලබා දෙන්න අපි මහත් වෑයමක් දරනවා. ඉදිරි සති හා මාස කීපය සඳහා අවශ්‍ය දේවල් සංවිධානය කරන්න ජර්මනියෙන් ආපු අපේ මිතුරන්ට අපි ස්තුතිවන්ත වෙනවා.”

මාධ්‍ය ප්‍රකාශක:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ක්‍රොඒෂියාව: යෝසිප් ලියෝවික් විමසීම්: +385 91 5336 511

සර්බියාව: ඩැනියෙල් ඩොමොන්ජි, විමසීම්: +381 11 405 99 00