Skip to content

2017 මාර්තු 10
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

කොංගෝවල ගංවතුරට ගොදුරු වුණ අයට සාක්ෂිකරුවන් අතදෙයි

කොංගෝවල ගංවතුරට ගොදුරු වුණ අයට සාක්ෂිකරුවන් අතදෙයි

දෙසැම්බර් 26වෙනිදායින් පටන්ගත්ත සතියේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් එක්කම ඇති වුණේ ගංවතුර තත්වයක්. බොමා නගරයට ඒකෙන් ලොකු හානියක් වුණා. බොමා නගරය තියෙන්නේ රටේ අගනුවර වන කින්ෂාසා ඉඳලා කිලෝමීටර් 470ක් විතර නිරිත දිගට වෙන්න. මේකට මුහුණ දුන්න සාක්ෂිකරුවන්ට වගේම අනිත් අයට අවශ්‍ය සහනාධාර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම ලබා දෙමින් ඉන්නවා.

මේ දරුණු විපත නිසා එක සාක්ෂිකරුවෙක් මරණයට පත් වුණා. පවුල් 39ක් අවතැන් වුණා. ඒ විතරක් නෙමෙයි, සාක්ෂිකරුවන්ගේ නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා වගේම තවත් නිවාස 5කට සෑහෙන අලාභහානි සිදු වුණා.

රටේ බටහිර ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවන්ට අවශ්‍ය කරන කෑම බීම ඇඳුම් පැළඳුම් ලබා දෙන්න කොංගෝවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් ඉක්මනින්ම පියවර ගත්තා. බොමා සිට කිලෝමීටර් 80ක විතර දුරින් තියෙන මටාඩි සහ මුවන්ඩා කියන නගරවල ඉන්න සාක්ෂිකරුවනුත් විපතට පත් තමන්ගේ සහෝදරයන්ට අවශ්‍ය උදව් උපකාර ලබා දෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත්  වුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය නිව් යෝර්ක් නගරයේ වෝර්වික්වල තියෙන ඔවුන්ගේ ලෝක මූලස්ථානයේ ඉඳලා ලෝක ව්‍යාප්ත සේවයට ලැබෙන සම්මාදම්වලින් අවශ්‍ය කරන සහනාධාර යවන්න සැලසුම් කරලා තියෙනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය: රොබට් එලොන්ගෝ, +243-81-555-1000