Skip to content

2017 අප්‍රියෙල් 27
කොලොම්බියාව

කොලොම්බියාවේ දකුණු පළාතේ දරුණු නායයෑමක්

කොලොම්බියාවේ දකුණු පළාතේ දරුණු නායයෑමක්

2017 අප්‍රියෙල් 1වෙනිදා කොලොම්බියාවට හිරු එළිය වැටෙන්න ඔන්න මෙන්න තිබුණා විතරයි. පුටුමායෝ පළාතේ මොකෝවා නගරය ආසන්නයෙන් ගලා ගිය ගංගා තුනම පිටාර ගලන්න පටන්ගත්තා. ඒ සමඟම ඇති වූ නායයෑමෙන් සිය ගණනක් ජනයා මරණයට පත් වුණා. දුකට හේතු වුණ පුවතක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කොලොම්බියාවේ ශාඛා කාර්යාලය වාර්තා කළා. ඒ සාක්ෂිකරුවන් දෙදෙනෙක්ගේ මරණය සහ එක් කෙනෙක් ගැන කිසිම ආරංචියක් නැහැ කියන පුවතයි. සාක්ෂිකරුවන්ගේ පවුල් 5කට තමන්ගේ නිවාස අහිමි වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දැනටමත් සහන සේවා කටයුතු සපයන්න සැලසුම් කරලා ඉවරයි. විපතට පත් වුණ අයට අවශ්‍ය ආහාර, පානීය ජලය, ඉන්ධන, තාවකාලික නවාතැන් වගේම වැඩිමහල්ලන් මාර්ගයෙන් බයිබලයෙන් සහනය ලබා දෙන්න ඔවුන් පටන්ගත්තා. සහන සේවා කටයුතු දිගටම කරගෙන යෑමට අවශ්‍ය මඟ පෙන්වීම් සපයමින් ශාඛා කාර්යාලය ඒ වෙත නිරන්තර අවධානය දෙමින් සිටිනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

කොලොම්බියාව: විල්සන් ටොරෙස්, +57-1-8911530