Skip to content

2015 මැයි 6
ග්වාතමාලාව

ග්වාතමාලාවේ පාසැල්වලින් යෞවනයන්ව ප්‍රචණ්ඩත්වයෙන් මුදවගන්න සාක්ෂිකරුවන්ගේ පොත් පත් ඉල්ලයි

ග්වාතමාලාවේ පාසැල්වලින් යෞවනයන්ව ප්‍රචණ්ඩත්වයෙන් මුදවගන්න සාක්ෂිකරුවන්ගේ පොත් පත් ඉල්ලයි

මෙක්සිකෝ නගරය - ග්වාතමාලාවේ පාසැල් 3කින් ඔවුන්ගේ විෂය මාලාවට පාවිච්චි කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් ඉල්ලා සිටියා. සාක්ෂිකරුවන් ස්පාඤ්ඤ සහ කිචේ භාෂාවලින් පොත් පත් 3,500ක් තෑගි කළා. කිචේ කියන්නේ මායාවරුන්ගේ ඇමෙරිකන් ඉන්දියානු භාෂාවක්. ග්වාතමාලාවේ බස්නාහිර කඳුකර ප්‍රදේශයේ ඉන්න අය වැඩිපුර කතා කරන්නේ ඒ භාෂාවයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තෑගි කළ ‘මගේ බයිබල් කතන්දර පොත’ සහ ‘පුංචි අපිට පාඩම්’ කියන පොත්වලින් ගුරුවරියක් පන්තියේ උගන්වනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයෙන් පොත් පත් ඉල්ලුවේ මේ සංවිධානය කිචේ භාෂාවෙන් පොත් පත් නිපදවන සංවිධාන අතළොස්සෙන් එකක් නිසයි. ග්වාතමාලාවේ යෞවනයන් මුහුණ දෙන ප්‍රශ්නවලට පිළියමක් යොදන්න ඔවුන්ගේ පොත් පත් උදව් වෙනවා. මහාචාර්ය මරියා කෝටෙෂ් රජයේ ලියවිල්ලක සඳහන් කරලා තිබුණේ “සදාචාරය හා සාරධර්ම බිඳ වැටිලා තියෙන සමාජය ගොඩගන්න” ඒ පොත් පත් ඉල්ලා සිටියා කියලයි.

ශිෂ්‍යයන් කිචේ භාෂාවෙන් තියෙන ‘මගේ බයිබල් කතන්දර පොත’ කියවනවා.

මෑතකදී කරපු අධ්‍යයනවලින් හෙළි වුණේ ග්වාතමාලාව පුරා යෞවනයන් අතර අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙන එක වැඩි වෙලා කියලයි. ඒ නිසා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වැඩසටහන් ඇතුළත් සංවිධාන ග්වාතමාලාවේ පිහිටුවලා තියෙනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ “ශිෂ්‍යයන්ව, දෙමව්පියන්ව, ගුරුවරුන්ව, බලධාරීන්ව සහ සාමාන්‍ය ජනයාව හවුල් කරගෙන බාලයන්ට සහ යෞවනයන්ට ක්‍රියාකාරකම් සහ වෘත්තීය පුහුණුව ලබා දෙන්නයි.” පාසැල් 3ක් (National Institute of Basic Education with Agricultural Orientation (INEBOA), Elisa Molina de Sthall Official Rural Coeducational School (EORM) සහ Official Rural Coeducational Elementary School) කිචේ භාෂාවෙන් ‘මගේ බයිබල් කතන්දර පොත’ ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. එයින් එක ආයතනයක් යෞවනයන් වෙනුවෙන්ම පළ කරලා තියෙන ‘යොවුන් සිතේ ගැටලු’ 1 සහ 2 පොත් ස්පාඤ්ඤ භාෂාවෙන් ලබා දෙන්න කියලා ඉල්ලුවා. පන්තියේ ඉදිරි වැඩවලට දරුවන්ව ගෙදරදී සූදානම් කරවන්න ඒ පොත් දෙමව්පියන්ට දුන්නා. ඊට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ‘යළි දෙව් පියාපත් සෙවණේ’ කියන වීඩියෝ එක පෙන්වන එකත් විෂය මාලාවට ඇතුළත් කෙරුවා.

ග්වාතමාලාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන එරික් ඩි පැස් මෙහෙම කිව්වා. “අපේ මූලික පරමාර්ථය නිවෙස්වලට ගිහින් ජනයාට බයිබලයේ තියෙන පණිවිඩය කියන එක වුණත් දරුවන්ට උදව් කරන්න ප්‍රයෝජනවත් පොත් පත් ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට ලබා දෙන්න පුළුවන් වුණ එක ගැන අපි සතුටු වෙනවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ග්වාතමාලාව: හ්වාන් කාලොස් රෝඩස්, විමසීම්: +502 5967 6015

මෙක්සිකෝව: ගෙමේලියල් කැමරිල්ලෝ, විමසීම්: +52 555 133 3048