Skip to content

2014 ඔක්තෝබර් 30
ග්‍රීසිය

ජාත්‍යන්තර සමුළු ගැන තොරතුරු: ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිළිගනියි

ජාත්‍යන්තර සමුළු ගැන තොරතුරු: ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිළිගනියි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සැමුවෙල් හර්ඩ් (දකුණේ) හැම දවසකම අවසානයේ දුන්න බයිබල් දේශනය ග්‍රීක භාෂාවට පරිවර්තනය කළා.

ජූනි 28වෙනි සෙනසුරාදා බව්තීස්ම වන අවස්ථාව තිබුණා. ග්‍රීසියේ 305දෙනායි සයිප්‍රසයේ 32දෙදෙනායි එකතුව 337දෙනෙක් බව්තීස්ම වුණා.

ග්‍රීසියේ ඇතන්ස් - ග්‍රීසියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2014 ජූනි 27-29 දක්වා “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන ජාත්‍යන්තර සමුළුව පැවැත්තුවා. 2004 ඇතන්ස්වල ඔලිම්පික් තරඟ තිබුණ ඔලිම්පික් ක්‍රීඩාංගණයෙයි ඒ සමුළුව පැවැත්තුවේ. ඒ ක්‍රීඩාංගණයට බයිබල් ශිෂ්‍යයන් 35,863දෙනෙක් ආවා. වැඩසටහනේ සමහර කොටස් වීඩියෝ මාර්ගයෙන් බෙල්ජියමට සහ සයිප්‍රසයට සම්බන්ධ කළා. ඒ නිසා ඒ වැඩසටහනට 3,093දෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් වුණා. සමුළුවට සහභාගි වුණ ඉහළම සංඛ්‍යාව 38,956යි.

මේ සමුළුවට සහභාගි වුණ අය ක්‍රොඒෂියාව, හංගේරියාව, කොරියාව, රුමේනියාව, දකුණු අප්‍රිකාව, තුර්කිය සහ එක්සත් ජනපදය යන රටවලින් ඇවිත් හිටියා. ප්‍රධාන ඔලිම්පික් ක්‍රීඩාංගණයේ කළමනාකාරිණිය වන ක්‍රිස්ටීනා මිකේයිල් මේ වගේ දෙයක් කිව්වා. “විවිධ රටවලින් ආපු හුඟක් ජාතීන් එකට රැස් වෙලා, එකට ඉඳගෙන, පින්තූර අරගෙන ඉන්නවා දකින්න ලැබුණ එක ලස්සන දසුනක්. හැමෝම අතරේ ඒ වගේ ප්‍රේමයක් දකින්න ලැබෙන එක සතුටක්. . . . මේක නම් පුදුම දෙයක්! මේ ක්‍රීඩාංගණයේ මේ වගේ දෙයක් නම් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ක්‍රීඩාංගණයට නිතරම එන්නේ ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩා කණ්ඩායම්වලට සහයෝගය දෙන අය. ඒ අයගේ හැසිරීමට වඩා මේ අයගේ හැසිරීම හරිම වෙනස්. ඒ නිසයි අපි හුඟක් පුදුම වෙන්නේ. ඇත්තටම මේක දකින්න ප්‍රිය දසුනක්!”

ඇතන්ස්වල ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැත්තුව සමුළුවට රැස් වුණු සෙනඟ.

ග්‍රීසියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන රොබර්ට් කර්න් මෙහෙම කිව්වා. “මේ වැඩසටහනත් ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් එක්ක කාලය ගත කරන්න ලැබුණු අවස්ථාවත් අගය කරපු ලිපි සිය ගණනක් අපිට ලැබිලා තියෙනවා. අමතක නොවන මේ අවස්ථාවට වෙනත් රටවලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් ආව එක හරිම සතුටක්.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ග්‍රීසියේ: බාබිස් ඇන්ඩ්‍රෙයෝපියුලොස්, විමසීම්: +30 210 617 8606