Skip to content

2015 ඔක්තෝබර් 20
ඝානාව

ගංවතුරෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහනාධාර

ගංවතුරෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහනාධාර

ඝානාවේ අක්‍රා - සිදු වී තිබුණේ දරුණු විපතක්. 200කට වඩා වැඩි දෙනෙක්ගේ ජීවිත අහිමි වුණා. බොහෝදෙනෙක්ට උන්හිටි තැන් නැති වුණා. ගංවතුරින් විපතට පත් වූ අයට උපකාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කඩිනමින් සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුවා. ඒ වැඩපිළිවෙළ අවසන් වුණේ 2015 ආගෝස්තු මාසේදියි.

කොතරම් උසකට වතුර මට්ටම තිබුණාද කියලා පෙන්වමින්

සාක්ෂිකරුවන්ගෙන් කිසිම කෙනෙක්ගේ ජීවිතවලට හානියක් සිදු වුණේ නැතත් 250දෙනෙක්ගේ ගෙවල් විනාශ වෙලා තිබුණා. 2015 ජූනි 4වෙනිදා ඒ කියන්නේ ගංවතුර තත්වයට පසු දිනම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය සහන සේවා කමිටුවක් පත් කළා. ඔවුන් මුලින්ම කෙරුවේ විපතට පත් වුණු අයට අවශ්‍ය බ්ලැන්කට්, ඇඳුම් සහ බොන වතුර වගේ මූලික දේවල් ලබා දීමයි. ඒ වගේම ඔවුන් ගංවතුරෙන් කැඩී බිඳී ගිය ගෙවල් අලුත්වැඩියා කරන්නත් සැලසුම් කළා. විපතට පත් වුණු සාක්ෂිකරුවන්ට තමන්ගේ නිවෙස්වල තවකාලිකව නවාතැන් ලබාදෙන්න අක්‍රා නගරයේ ඉන්න අනිත් සාක්ෂිකරුවන් පසුබට වුණේ නැහැ.

අටිමාන් ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථනයට ලැබුණ සහනාධාර ගැන සොයා බලන සහන සේවා කමිටුවේ සමාජික ඩෝසූ අමෙවො (වම් කෙළවරේ).

ගංවතුර නිසා අඩබ්‍රකා ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පිපිරීමක් සිදු වුණා. එයින් අවට තිබුණු ජල නළ පද්ධතියට හානි වුණු නිසා ජල සැපයුම අඩාළ වුණා. ඒකට විසඳුමක් විදිහට ශාඛා කාර්යාලයෙන් ඒ ප්‍රදේශයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ ජල ටැංකියක් සවි කර සාක්ෂිකරුවන්ටත් ඒ අවට ඉන්න අයටත් ජලය ලබා දුන්නා.

ජූනි 6වෙනි සෙනසුරාදා වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් වෛද්‍ය කණ්ඩායම් දෙකක් අලාජූ සහ අඩබ්‍රකා කියන ප්‍රදේශවලට යැව්වා. ඒ කණ්ඩායම් දෙකේ හිටියේ සාක්ෂිකරුවන් අතර ඉන්න වෛද්‍යවරුන් පස්දෙනෙක් සහ හෙදියන් දෙදෙනෙක්. මේ අය මැලේරියාව, පෙනහලු ආසාදන සහ පාචනය වගේ රෝගවලින් පීඩා විඳින සාක්ෂිකරුවන්ටත් වෙනත් අයටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ශාඛා කාර්යාලයෙන් පැමිණි අය වගේම ඒ ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවනුත් විපතට පත් වුණු සෙසු සමාජියකයන්ගේ සුව දුක් සොයා බැලුවා. ඔවුන්ට අවශ්‍ය සහනය දෙන්නත් ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්නත් ඒ අය අමතක කෙරුවේ නැහැ.

වෛද්‍ය පහසුකම් ලබා දෙන්න පාවිච්චි කරපු අඩබ්‍රකා නමස්කාර මධ්‍යස්ථානයේ ඉන්න එක් වෛද්‍ය කණ්ඩායමක්.

ඝානාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක නතානියෙල් බෙඩමා සිදු වුණු විපත ගැන මෙහෙම කිව්වා. “දරුණු ගංවතුර නිසා සිදු වුණු ජීවිත හා දේපළ හානිය ගැන අපිට හරිම කනගාටුයි. ලෝකෙ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරනවා වගේ අපිත් මේ විපතින් පීඩාවට පත් වුණු අයගේ මූලික අවශ්‍යතා විතරක් නෙමෙයි එයාලට අවශ්‍ය සහනය සහ දිරිගැන්වීම් ලබා දෙන්නත් අපේ උපරිමය කරනවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ඝානාව: නතානියෙල් බෙඩමා, විමසීම්, +233 30 701 0110