Skip to content

2017 මැයි 11
ජපානය

ජපානයේ සිදු වු භූමිකම්පාවෙන් පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිවාස 300කට වඩා අලුත්වැඩියා කළා

ජපානයේ සිදු වු භූමිකම්පාවෙන් පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිවාස 300කට වඩා අලුත්වැඩියා කළා

සාක්ෂිකරුවන් කෝෂිවල නිවසක කැඩුණු සිවිලිමක් අලුත්වැඩියා කරමින්.

ජපානයේ එබීනා - 2016 අප්‍රියෙල් 14 සහ 16වෙනිදා ජපානයේ කුමමොතොවලට ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. ඒකෙන් අලාභහානි වුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගෙවල් 348ක් අලුත්වැඩියා කරන්න පසුගිය මාස කීපය ඇතුළත එයාලට පුළුවන් වුණා. 2016 ජූලි ඉඳලා 2017 මාර්තු දක්වා කරපු ඉදි කිරීම් වැඩවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 15,000 විතර කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.

භූමිකම්පාවෙන් සාක්ෂිකරුවන් කිසිම කෙනෙක් මිය ගියේ නැතත් එයාලගෙන් 119දෙනෙක් විතර අවතැන් වුණා. ඒ අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික කටයුතු සඳහා රැස් වෙන නමස්කාර මධ්‍යස්ථාන 15ක නවාතැන් දුන්නා. ඒ අතරතුර කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ අය එයාලගේ ගෙවල්වල තිබුණ සුන්බුන් අයින් කරලා ඒවා සුද්ද පවිත්‍ර කළා.

සාක්ෂිකරුවන් 6දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චිමාචි නගරයේ කැඩුණ නිවසකට අලුතින් වහලයක් සවි කරමින්.

2016 ජූලි 25වෙනිදා සාක්ෂිකරුවන් අලුත්වැඩියා කටයුතු පටන්ගත්තා. එයාලා නිවෙස්වල ඉරිතැළීම්, බිමට වෙලා තිබුණ හානි, බිත්ති, වහලවල් සහ ජල නළවලට වෙලා තිබුණ හානි පිළිසකර කළා. ඒ විතරක් නෙමෙයි දොර ජනෙල් සහ වායු සමීකරණ යන්ත්‍ර අලුතින් සවි කළා.

මසකි නගරයේ කැඩුණ නිවසක් පිළිසකර කරන සාක්ෂිකරුවන්.

කලින් ජපන් හමුදාවේ සේවය කරපු කෙනෙක් වන මිනෝරු කෝනෝ සාක්ෂිකරුවන් කරපු ඉදි කිරීම් වැඩ ගැන මෙහෙම කිව්වා. “මගේ රස්සාවට අනුව ඉක්මනින් දේවල් කළේ නැත්නම් මිනිසුන්ගේ ජීවිත බේරගන්න බැහැ. කුමමොතොවලට බලපෑව භූමිකම්පාවෙන් පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණ අයට උදව් කරන්න පුළුවන් තරම් ඉක්මනින්දේවල් කළා. ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න ආධුනිකයෝ නෙමෙයි, ජපානයේ විවිධ පැතිවලින් හොඳ පළපුරුදු අය ආවාම අපිට පුදුම හිතුණා. එයාලා කැපවීමෙන් වැඩ කළා.”

කිකුචි නගරයේ නිවසක වහලේ කැඩුණ කොටස් ඉවත් කරලා ඒ වෙනුවට අලුත් කොටස් සවි කරමින්.

උකී නගරයේ නිවසක අත්තිවාරම සවිමත් කරන්න කොන්ක්‍රීට් අරන් යන සාක්ෂිකරුවෙක්.

ජපානයේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක ඉචිකී මෑට්සුනගා කිව්වේ මෙහෙමයි. “පහුගිය මාස කීපය පුරාම විපතට පත් වුණ දහස් ගාණක් එක්ක එකතු වෙලා අපි ගෙවල් අලුත්වැඩියා කළා. විපතට පත් වුණ අයට අවශ්‍ය උදව් ලබා දෙන්න අපේ සෙසු සහෝදරයන් දරපු වෙහෙස අපිට ලොකු සැනසීමක්, ශක්තියක් වුණා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, +1-845-524-3000

ජපානය: ඉචිකී මෑට්සුනගා, +81-46-233-0005