2017 පෙබරවාරි 24
ටැන්සානියාව
ටැන්සානියාවේ අභියාචනාධිකරණය පාසැල් යන යෞවන සාක්ෂිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි
ටැන්සානියාවේ ඩාර් එස් සලාම් - තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කරපු පාසැල් යන යෞවන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 127දෙනාට විරුද්ධව ම්බෙයා ප්‍රදේශයේ පාසැල් ඉතාම දැඩි පියවර අරගත්තා. එහෙම කරපු එක ඒ ශිෂ්‍යයන්ගේ ආගමික නිදහස උල්ලංගනය කිරීමක් කියලා ටැන්සානියාවේ අභියාචනාධිකරණය මගින් පසුව තීන්දු කළා.
2007දී ශිකුලා පාසලේ ඉගෙනගන්න යෞවන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයන් 5දෙනෙක්ව ඒ පාසැලේ අධ්‍යක්ෂක මණ්ඩලය මගින් ඉවත් කළා. ඒ ප්‍රදේශයේම තවත් පාසැල් කීපයක ප්‍රාථමික සහ ද්විතීයික පන්තිවල ඉගෙනගන්න යෞවන සාක්ෂිකරුවන් 122නෙකුට දඬුවම් කළා. ඒ හැම දේකටම හේතුව වුණේ ඒ යෞවනයන් ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. අධ්‍යාපන නිලධාරීන්ට සහ අගමැතිට ඒ ගැන පැමිණිලි කළත් විසඳුමක් ලැබුණේ නැති නිසා ඒ යෞවනයන් ටැන්සානියාවේ දෙවෙනි ඉහළම උසාවිය වන මහාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මහාධිකරණය එකඟ වුණේ පාසැල්වලින් ගත්ත තීරණයටයි. ඒ වුණත් ඒ තීරණයට ඒකමතික තීන්දුවක් දුන්නේ නැහැ. ඊට පස්සේ 2010 දෙසැම්බර් 2වෙනිදා ඒ ශිෂ්‍යයන් මේ ගැන ටැන්සානිවේ ඉහළම උසාවිය වන අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2013 ජූලි 12වෙනිදා අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ආවා. ඒකේ තිබුණේ ඒ යෞවනයන්ට තමන්ගේ ආගම අදහන්න තියෙන නිදහස මේ පාසැල් මගින් උල්ලංගනය කර ඇති බවයි. ඒ යෞවනයන්ට විරුද්ධව තිබුණු හැම චෝදනාවක්ම ඒ තීන්දුව මගින් “සම්පූර්ණයෙන්ම අහෝසි වුණා.”
ටැන්සානියාවේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා වන සාඩොක් ම්වායිප්විසි මෙහෙම කිව්වා. “උසාවි තීන්දුව ගැනත් මේ යෞවනයන් තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ගත්ත තීරණයට අධිකරණයෙන් දුන්න සහයෝගය ගැනත් අපි ගොඩක් සතුටු වෙනවා. මේ ජයග්රහණයෙන් තහවුරු වෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විතරක් නෙමෙයි ටැන්සානියාවේ ඉන්න හැමෝටම නිදහසේ තමන්ගේ ආගම අදහන්න තියෙන අයිතියයි.”
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-718-560-5000
ටැන්සානියාව: සාඩොක් ම්වායිප්විසි, විමසීම්: +255-22-2650592