Skip to content

2017 මාර්තු 10
තායිලන්තය

ප්‍රජා සංවර්ධන වැඩසටහන්වලට තායිලන්ත බලධාරීන් සාක්ෂිකරුවන්ගේ පොත් පත් පාවිච්චි කරයි

ප්‍රජා සංවර්ධන වැඩසටහන්වලට තායිලන්ත බලධාරීන් සාක්ෂිකරුවන්ගේ පොත් පත් පාවිච්චි කරයි

බැංකොක් - හොඳ දෙමව්පියන් වීම, ගෘහස්ථ හිංසනය මැඩලීම, මානසික සහ ශාරීරික සෞඛ්‍යය නැංවීම වගේ විෂයන් ඔස්සේ ප්‍රජා නිලධාරීන්ව පුහුණු කරන්න තායිලන්තයේ බලධාරීන් පියවර ගත්තා. ඒ සඳහා ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනද පාවිච්චි කරනවා. සමාජගත වෙලා තියෙන විවිධ ප්‍රශ්න විසඳන්න තායිලන්තයේ බලධාරීන් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන පාවිච්චි කරන තුන්වෙනි අවුරුද්දයි මේ.

තායිලන්ත රජය මගින් සංවිධානය කරලා තියෙන මේ ජාතික අධ්‍යාපනික වැඩසටහන රට පුරා තියෙන ප්‍රාදේශීය ප්‍රජා පුහුණු මධ්‍යස්ථාන 8,700කට වැඩි ගණනක ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව, රජය ප්‍රජා සංවර්ධන පුහුණු මධ්‍යස්ථාන 11ක් වෙනම පිහිටුවලා තියෙනවා. ඒවායෙන් පුහුණු කරන්නේ ප්‍රජා නායකයන්වයි. ඡායාරූපයේ මැද හිටගෙන ඉන්න චයිවාට් සයෙංශ්‍රී මහතා තමයි ඊසානදිග බැංකොක්හි නාකොන් නායොක් පළාතේ අධ්‍යක්ෂකවරයා. ඔහු මෙහෙම කියනවා. “සාක්ෂිකරුවන්ගේ අරමුණ හරිම පැහැදිලියි. එයාලට ඕනෙ මිනිස්සුන්ට උදව් කරන්න. නිර්මාතෘවරයාණන් ගැන හැමෝවම දැනුවත් කරන්න. ඒ ගැන මට හරිම සතුටුයි. අපිටත් තියෙන්නේ ඒ වගේම අරමුණක්. අපිටත් ඕනෙ මිනිස්සු එයාලා ජීවත් වෙන විදිහ තවත් ඉහළ මට්ටමකට ගේන්න. එතකොට එයාලාට පුළුවන් සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කරන්න.” ඔහු තවදුරටත් කිව්වේ මෙහෙමයි. “උදාහරණයකට කිව්වොත් ‘පිබිදෙව්’ සඟරාවේ පළ වුණා ‘හිත රිද්දන්නේ නැතුව කතා කරන්නේ කොහොමද?’ කියලා ලිපියක්. සමාජ සංවර්ධන සහ මිනිස් ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය අපේ ප්‍රජා නායකයන්ට උගන්වන්න හදන විෂයක් ඒක. එයාලාව පුහුණු කරන්න ඒ ලිපිය අපිට හුඟක් උදව් වුණා.” ඉන්පසුව නායකත්ව පුහුණු සම්මේලනයට (SMART) ඇවිත් සිටි අයට ප්‍රකාශන බෙදා දෙන්න කියලා චයිවාට් මහතා සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා හිටියා. නායකයන්ව පුහුණු කිරීමේ සහ ප්‍රජා සංවර්ධනය කිරීමේ අරමුණෙන් පවත්වපු ඒ සම්මේලනයට පළාත් 28ක් නියෝජනය කරමින් ප්‍රජා නායකයන් 100දෙනෙක් සහ උපදේශකයන් 20දෙනෙක් එදා ඇවිත් හිටියා. ඡායාරූපයේ චයිවාට් මහතාට දෙපසින් සිටින්නේ සාක්ෂිකරුවන්.

තායිලන්තයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක ඇන්තනි පෙට්‍රාටියෝටින් මෙහෙම කිව්වා. “ප්‍රජා නායකයන් බයිබලයේ මඟ පෙන්වීම් ඇතුළත් අපේ ප්‍රකාශනවලින් ප්‍රයෝජන ගන්න එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මහජනයාට අපේ ප්‍රකාශන දිගටම බෙදා දෙන අතරේ නිලධාරීන්ටත් අපේ ප්‍රකාශන දිගටම ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, +1-845-524-3000

තායිලන්තය: ඇන්තනි පෙට්‍රාටියෝටින්, +66-2-375-2200