Skip to content

සහෝදර මයිරැට් ඔරාසෙල්ඩ්යෙව්

2020 සැප්තැම්බර් 7
තුර්ක්මෙනිස්ථානය

ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු මයිරැට් ඔරාසෙල්ඩ්යෙව්ට තුර්ක්මෙනිස්ථාන උසාවියෙන් සිරදඬුවම්

ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු මයිරැට් ඔරාසෙල්ඩ්යෙව්ට තුර්ක්මෙනිස්ථාන උසාවියෙන් සිරදඬුවම්

තීන්දුව

මාරි පළාතේ වෙකිල්බසාර් දිසා අධිකරණයෙන් 2020 සැප්තැම්බර් 3වෙනිදා ආගමික විශ්වාසයන් මත හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා සහෝදර මයිරැට් ඔරාසෙල්ඩ්යෙව්ට අවුරුද්දක සිරදඬුවමක් නියම කළා. ඒ තීන්දුව ගැන සහෝදර මයිරැට් ඉස්සරහට අභියාචනාවක් ඉදිරිපත් කරයි.

තොරතුරු

මයිරැට් ඔරාසෙල්ඩ්යෙව්

  • ඉපදුණේ: 2002 (මාරි නගරයේදී)

  • වතගොත: පවුලේ අයට උදව් කරන්න වේටර් කෙනෙක් විදිහට වැඩ කළා. යෙහෝවා ගැන දැනගත්තේ එයාගේ අම්මාගෙන්. ක්‍රීඩා කරන්න, සින්දු ලියන්න ආසයි

නඩුව ගැන තොරතුරු

2020 ජූනි මාසේ ඒ කියන්නේ සහෝදර මයිරැට්ට අවුරුදු 18 ලබලා මාසෙකට පස්සේ එයාව හමුදා සේවයට කැඳෙව්වා. හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න හේතුවත් ඒ වෙනුවට වෙනත් සේවයක් කරන්න එයා කැමතියි කියලත් සහෝදරයා පැහැදිලි කළා.

2020 ජූලි 1වෙනිදා හමුදා නිලධාරීන් තුන්දෙනෙක් සහෝදර මයිරැට්ව ගෙදරින් එක්කගෙන යන්න ආවා. ඒත් එයා එයාලා එක්ක ගියේ නැහැ. එදාම එයාගේ සෞඛ්‍ය තත්වය ගැන වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බැලුවා. හමුදාවේ සේවය කරන්න එයාට හොඳ සෞඛ්‍යයක් තියෙනවා කියලා වෛද්‍යවරයා කිව්වා.

2020 ජූලි 14වෙනිදා පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරු වැඩිදුර ප්‍රශ්න කරන්න සහෝදර මයිරැට්ව කැඳෙව්වා. ඊළඟ මාසේ වෙද්දී වරදකරුවෙක් කියන චෝදනාව මත එයාට විරුද්ධව නඩුවකට දින නියම කළා.

සහෝදර මයිරැට් සහ හිරේ ඉන්න අනිත් යෞවන සහෝදරයන් දහදෙනා වෙනුවෙන් අපි දිගටම යෙහෝවාට කන්නලව් කරනවා. අපිට විශ්වාසයි දිගටම ස්ථිරව ඉන්න ඕන කරන ශක්තිය, ධෛර්යය ඔහු එයාලට දෙයි කියලා.—ගීතාවලිය 31:24.