2021 ජනවාරි 11
තුර්ක්මෙනිස්ථානය
ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු රුස්ලන් ආටික්මිරඩොව්ට දෙවෙනි වතාවටත් සිරදඬුවම් ලැබෙන ලකුණු
තීන්දුව දෙන්න නියමිත දවස
තුර්ක්මෙනිස්ථානයේ හමුදා උසාවියෙන් ළඟදීම a රුස්ලන් ආටික්මිරඩොව්ගේ නඩු තීන්දුව දෙන්න නියමිතයි. ආගමික විශ්වාසයන් මත හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා එයාට අවුරුදු දෙකක සිරදඬුවමක් දෙන්න පුළුවන්. 2020 දෙසැම්බර් 15වෙනිදා එයාව අත්අඩංගුවට ගත්තා. හමුදා සේවය කරන්න අකමැති වුණ නිසා මේ එයා මුහුණ දෙන දෙවෙනි නඩු විභාගයයි. සමහරවිට මේකෙන් පස්සේ දෙවෙනි පාරටත් එයාට සිරදඬුවමක් ලැබෙයි.
තොරතුරු
රුස්ලන් ආටික්මිරඩොව්
ඉපදුණේ: 2000 (ඇල්පැන් ගෙන්ගෙෂ්ලික් ගමේ)
වතගොත: හැදී වැඩුණේ ගම්බද පළාතක. ගරාජ් එකක වැඩ කළා. ඉස්කෝලේ වැඩ හොඳට කරපු, පාපන්දු ක්‍රීඩාවට කැමති කෙනෙක්
බයිබලේ තියෙන ඉගැන්වීම් පිළිපදින්න ඉගෙනගත්තේ අම්මාගෙන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර තියෙන ආදරේ, එක්සත්කම එයාගේ හිතට තදින් වැදුණා. බව්තීස්ම වුණේ 2015දී. එතකොට එයාට වයස 15යි. යෙහෝවා දෙවියන් ගැන එයාගේ හිතේ තියෙන ආදරේ තමයි එයාව පෙලඹුවේ හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න
නඩුව ගැන තොරතුරු
2018 අගෝස්තු 13වෙනිදා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා සහෝදර රුස්ලන්ට අවුරුද්දක සිරදඬුවමක් නියම වුණා. එතකොට එයාට වසය 18යි. 2019 අගෝස්තු 12වෙනිදා ඒ කියන්නේ අවුරුද්දකට පස්සේ එයා නිදහස් වුණා.
තුර්ක්මෙනිස්ථානයේ නීතියට අනුව ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන යෞවනයන්ට විරුද්ධව දෙපාරක් නඩු දාන්න පුළුවන්. ඒ නිසා 2020 නොවැම්බර්වල සහෝදර රුස්ලන්ව ආපහු හමුදා සේවයට කැඳෙව්වා.
ආයේ සැරයක් හිරේ යන්න වෙනවා කියලා දැන දැනත් එයා ඒ පාරත් හමුදා සේවය ප්‍රතික්ෂේප කළා. 2020 දෙසැම්බර් 15වෙනිදා එයාව අත්අඩංගුවට අරගෙන නඩු විභාගය වෙන කල් එයාව රඳවගත්තා.
සහෝදර රුස්ලන්ගේ අධිෂ්ඨානය වුණේ දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එක. එයාගේ කලින් නඩු විභාගය ගැන එයා මෙහෙම කියනවා. “මං දැනන් හිටියා මේ නඩුව ලේසි වෙන්නේ නෑ කියලා. ගොඩක් අසාධාරණකම් වෙයි කියලත් මං දැනන් හිටියා. හැබැයි මං පොඩ්ඩක්වත් බය වුණේ නෑ. යෙහෝවා එක්ක තිබ්බ බැඳීම, මගේ සතුට හිලව්වක් විදිහට දීලා නිදහස ලබාගන්න මට ඕන වුණේ නෑ.”
හිරේ ගත කරපු කාලේ රුස්ලන්ට ලේසි වුණේ නැහැ. ඒ හිරකුටිවල පහසුකම් නැහැ. එයා නිතරම හිංසාවලටත් ලක් වුණා. හැබැයි යෙහෝවා උදව් කරපු විදිහ එයාට දැනුණා. එයා මෙහෙම කියනවා. “හිරේ හිටපු කාලේ යෙහෝවාගේ උදව් මං හැම දවසකම අද්දැක්කා. මං ගුටි කද්දී මුල්ම සැරේ විතරයි මට රිදුණේ. එතනින් පස්සේ කොච්චර ගැහුවත් මට දැනුණෙවත් නෑ.” ඒ වගේම සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණ උදව් එයාට ලොකු ශක්තියක් වුණා. ඒ විතරක් නෙවෙයි ඒක හිරගෙදර හිටපු අනිත් අයටත් හොඳ සාක්ෂියක් වුණා.
ආයේ සැරයක් එයාව හිරේ දාන්න පුළුවන් කියලා දැනන් හිටියත් එදාටත් යෙහෝවා එයා එක්ක ඉඳියි කියලා රුස්ලන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා මට ආශීර්වාද කරයි කියලා මට කිසිම සැකයක් නෑ. බලාපොරොත්තුව ශක්තිමත් නං සතුටට කෙළවරක් නෑ. සතුට තියෙනවා නං හිතට ශක්තියක්, දරාගන්න හයියක් ලැබෙනවා. ඒ වගේ ශක්තිමත් කෙනෙක්ව කවදාවත් වට්ටන්න බෑ.”
සහෝදර රුස්ලන් සහ අපේ අනිත් ධෛර්යවන්ත යෞවනයන් ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. ඕනම පීඩාවක් නිර්භීතව, සතුටින් දරාගන්න යෙහෝවා උදව් කරනවා කියන්න එයාලා ජීවමාන සාක්ෂි. දෙවියන්ගේ රාජ්‍යයට එයාලා පෙන්නන පක්ෂපාතකමට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි කියලා අපි දන්නවා.—හෙබ්‍රෙව් 11:6.
a සාමාන්‍යයෙන් නඩු තීන්දුවක් දෙන දවස හැම වෙලේම කලින් දැනුම් දෙන්නේ නැහැ.