2018 දෙසැම්බර් 5
දකුණු කොරියාව
දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙයි
2018 නොවැම්බර් 1වෙනිදා දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම වරදක් නෙවෙයි කියලා තීන්දුවක් ලබා දුන්නා. ඒ තීන්දුව අරන් තියෙන්නේ විනිසුරු මඬුල්ලේ හිටපු 13දෙනාගෙන් 9දෙනෙක්ම ඒකට පක්ෂ වුණු නිසයි. ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න පුද්ගලයෙක්ට “සාධාරණ අයිතියක්” තියෙනවා කියලා දැන් පිළිගන්නවා. දකුණු කොරියාවේ ඉහළම අධිකරණයෙන් ලබා දුන්න මේ ඓතිහාසික තීන්දුව, පහළ උසාවිවල සහෝදරයන් 900කටත් වඩා වැඩි පිරිසකට විරුද්ධව ගොනු කරලා තියෙන නඩුවලදී ඒ අය වරදකරුවන් නෙවෙයි කියලා තීන්දු කරන්න මඟ පාදයි.
2019 දෙසැම්බර් වෙද්දී හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයව සිරගත කරනවා වෙනුවට එයාලට වෙනත් පොදු සේවාවන් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා කොරියාවේ ව්‍යවස්ථාදායක අධිකරණය මීට මාස කිහිපයකට කලින් තීන්දුවක් ලබා දීලා තිබුණා.
මේ ඓතිහාසික තීන්දුව ගැන අපි හද පිරි සතුටින් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා.