2018 සැප්තැම්බර් 23
දකුණු කොරියාව
දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ගේ තීරණය තවදුරටත් සලකා බලයි
තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තුන්දෙනෙක් ගත්ත තීරණය සලකා බලන්න 2018 අගෝස්තු 30වෙනිදා දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවන් රැස් වුණා. දකුණු කොරියාවේ ආණ්ඩුව හමුදා සේවයට බැඳෙන්නේ නැති අයව සිරගත කරන්න පටන්ගත්තේ අද ඊයෙක නෙමෙයි. ඒ අවස්ථාවේදී අදාළ විෂය ගැන විනිසුරුවන් 13දෙනා සාක්ෂිකරුවන්ගේ නීතිඥයන් සහ වෙනත් අයගෙන් පැය හතරක් පුරා ප්‍රශ්න කළා. තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැති අයව වරදකරුවන් විදිහට සිරගත කරනවා වෙනුවට එයාලට කරන්න පුළුවන් වෙනත් පොදු සේවයක් නියම කරන්න කියලා 2018 ජූනි 28වෙනිදා ව්‍යවස්ථාදායක අධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුව ගැනත් සෑහෙන කාලයක් අරගෙන සලකා බැලුවා. අවසානයේදී අපේ සහෝදරයන් තුන්දෙනා වරදකරුවන් නෙමෙයි කියලා විනිසුරු මඬුල්ල තීන්දු කළා. ඒ හා සමාන නඩු 900ක් පහළ උසාවිවල ගොනු කරලා තියෙන නිසා මේ තීන්දුව ඒ උසාවිවල ගොනු කරලා තියෙන තීන්දු සඳහා ප්‍රයෝජනවත් වන බව ස්ථිරයි. ඒ සහෝදරයන් තුන්දෙනා සම්බන්ධයෙන් පවත්වපු නඩු විභාගයෙන් පස්සේ මොන වගේ තීරණයක් ගන්නවාද, ඒක ගන්නේ කවදාද කියන දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයට භාරයි.
දකුණු කොරියාවේ අපේ සහෝදරයන් 100කට වැඩි පිරිසක් තවමත් හිරේ ඉන්නවා. ඒ විශ්වාසවන්ත සහෝදරයන් එක්ක අපි හැමෝම ගැලවීම දෙන අපේ දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් ඇතුව දිගටම ඉවසිලිවන්තව බලා සිටිනවා.—මීකා 7:7.