Skip to content

2014 අප්‍රියෙල් 29
නිකරගුවාව

නිකරගුවාවේ භූමිකම්පා

නිකරගුවාවේ භූමිකම්පා

2014 අප්‍රියෙල් 14වෙනි සඳුදා නිකරගුවාවේ මනාගුවා නගරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපාංක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. පහුගිය දවස් 4 පුරා ඇති වුණ භූමිකම්පාවලින් අන්තිමට ඇති වුණේ මේකයි. මේ භූමිකම්පා අතරින් ලොකුම භූමිකම්පාව රික්ටර් මාපාංක 6.6ක් විදිහට සටහන් වුණා. කිසිම සාක්ෂිකරුවෙක් තුවාල ලැබුවේ නැහැ කියලා මෙක්සිකෝවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යම ඇමරිකානු ශාඛා කාර්යාලය දැනුම් දුන්නා. ඒත් සාක්ෂිකරුවන්ගේ නිවාස 7ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. තවත් නිවාස 21කට බරපතළ හානි සිද්ධ වුණා. නගාරෝතේ නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයකටත් හානි සිද්ධ වුණා. ඒ නිසා වාර්ෂිකව පවත්වන යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම ඔවුන්ට පවත්වන්න සිද්ධ වුණේ ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ රථ ගාලේ. ඒ හැන්දෑවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා 2ක් එකතු වෙලා පවත්වපු ඒ රැස්වීමට 530කට වඩා වැඩි පිරිසක් සහභාගි වුණා. ඒ අතර සාක්ෂිකරුවන් නොවන හුඟදෙනෙකුත් හිටියා. නිවාසවලට හානි සිද්ධ වුණ සාක්ෂිකරුවන්ට ශාඛා කාර්යාලය මගින් තාවකාලිකව ඉන්න හිටින්න තැන් හොයලා දෙනවා විතරක් නෙවෙයි ඔවුන්ට අවශ්‍ය උපකාරත් ලබා දෙනවා.

මාධ්‍ය ප්‍රකාශක:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

මධ්‍යම ඇමරිකාව: ගමාලියෙල් කැමරිල්ලෝ, විමසීම්: +52 555 133 3048