Skip to content

2017 මැයි 11
පිලිපීනය

නොක් ටෙන් සුළි කුණාටුවෙන් පසු සාක්ෂිකරුවන් ඉදි කිරීම් වැඩ සංවිධානය කරයි

නොක් ටෙන් සුළි කුණාටුවෙන් පසු සාක්ෂිකරුවන් ඉදි කිරීම් වැඩ සංවිධානය කරයි

පිලිපීනයේ, මැනිලා - පිලිපීනයට බලපෑව නොක් ටෙන් (නිනා) සුළි කුණාටුවෙන් විපතට පත් අයගේ නිවෙස් ආයෙත් හදන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහන සේවා වැඩසටහනක් දියත් කළා.

ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන ජේසන් ඩොටිමස් (වමේ) සහ බෙතෙල් ඇල්වරෙස් (දකුණේ) පොලැන්ගුයි නගරයේ අලාභහානි වුණ නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරමින්. සහන සේවා වැඩවලට සහය දෙන්න මේ දෙන්නාම කි.මී. 650කට වඩා වැඩි දුරක් ගෙවාගෙන ආවා.

2016 දෙසැම්බර් 25වෙනිදා පිලිපීනයේ බිකෝල් පළාත හරහා හමා ගිය මේ දරුණු සුළි කුණාටුව නිසා මුළු ප්‍රදේශයම වගේ සුන්බුන් ගොඩක් බවට පත් වුණා. වර්තාවලට අනුව ඒ කුණාටුවෙන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ගොඩනැඟිලි 3,90,000 වඩා විනාශ වුණා. ඒ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම කෙනෙක් ජීවිතක්ෂයට පත් වුණේ නැහැ. එයාලගෙන් කාටවත් බරපතළ තුවාල සිදු වෙලත් නැහැ. ඒ වුණත් සාක්ෂිකරුවන්ගේ නිවෙස් 300කට වැඩි ගණනකටත් එයාලා ආගමික කටයුතු සඳහා රැස් වෙන නමස්කාර මධ්‍යස්ථාන 24කටත් අලාභහානි සිදු වුණා. සමහරක් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ නිසා විපතට පත් වුණ සාක්ෂිකරුවන්ට උදව් කරන්න පිලිපීනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය සහන සේවා කමිටුවක් පිහිටෙව්වා. ඒක ක්‍රියාත්මක වුණේ නාගා නගරයේ සිටයි.

පිලිපීනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක ඩීන් ජේසෙක් මෙහෙම කිව්වා. “මේ වෙනකොට අපේ ස්වේච්ඡා සේවකයන් සාක්ෂිකරුවන්ගේ ගෙවල් 271ක් සහ නමස්කාර මධ්‍යස්ථාන 22ක් ආයේ හදලා තියෙනවා. ඉතුරු ගෙවල් 38 සහ නමස්කාර මධ්‍යස්ථාන දෙක 2017 අප්‍රියෙල් මාසේ ඉවර වෙන්න කලින් හදලා ඉවර කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ.”

හදලා අවසන් වුණ නිවෙස්. මේ නිවෙස් හදන්න යොදාගන්න ක්‍රමය නිසා එක නිවසක් දවසක් 6කින් හදලා ඉවර කරන්න පුළුවන්.

සහන සේවා වැඩකටයුතු ඇතුළුව සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්තව කරන කාර්යයන්වලට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයයි. ඒ සඳහා මුදල් ලැබෙන්නේ සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම කරන පරිත්‍යාගවලින්. ලෝකේ පුරාම සාක්ෂිකරුවන් මිලියන 8කට වඩා ඉන්නවා. එයාලගෙන් 2,09,000කට වඩා ඉන්නේ පිලිපීනයේ.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

පිලිපීනය: ඩීන් ජේසෙක්, විමසීම්: +63-2-224-4444