Skip to content

2016 නොවැම්බර් 1
පිලිපීනය

පිලිපීනයට එක පිට එක පහර දුන් සුළි කුණාටුවලින් පස්සේ සාක්ෂිකරුවන් සහන සේවා කටයුතු සංවිධානය කරයි

පිලිපීනයට එක පිට එක පහර දුන් සුළි කුණාටුවලින් පස්සේ සාක්ෂිකරුවන් සහන සේවා කටයුතු සංවිධානය කරයි

2016 ඔක්තෝබර් 16 සහ 19 යන දිනවල සාරිකා (ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ කැරන් කියලා) සහ හායිමා (ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ ලාවින් කියලා) කියන නම්වලින් හඳුන්වන සුළි කුණාටු, උතුරු පිලිපීනයේ ලූසොන් දූපතට පහර දුන්නා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයින් බැට කාපු තමන්ගේ සභාවේ අයට වගේම වෙනත් අයට උදව් උපකාර කරමින් සිටිනවා. 2013දී පිලිපීනයට ප්‍රබලව බලපාපු හයියාන් (ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ යොලන්ඩා කියලා) කියන සුළි කුණාටුවෙන් පස්සේ ඇති වූ දරුණුම සුළි කුණාටුව හායිමා සුළි කුණාටුවයි.

මේ ව්‍යසනවලදී පිලිපීනයේ සිටින 2,00,000ක් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් කිසි කෙනෙක් මිය ගියේ හෝ බරපතළ ලෙස තුවාල වුණේ නැහැ. ඒත් දැනට ලැබිලා තියෙන වාර්තාවලට අනුව හායිමා සුළි කුණාටුව නිසා ඇති වූ දැඩි සුළං, ගං වතුර සහ නායයෑම් නිසා අඩුම තරමින් සාක්ෂිකරුවන්ගේ ගෙවල් 1,058කට සහ නමස්කාර මධ්‍යස්ථාන 43කට හානි සිදු වෙලා තියෙනවා.

පිලිපීනයේ තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගින් සහන සේවා කමිටුවක් සංවිධානය කරලා තියෙනවා. ඒක පිහිටලා තියෙන්නේ ලූසොන්වල ටුගුවේගරාඕ නගරයේ. එකතු කරපු ආහාර, පානීය ජලය වගේ සහනාධාර ද්‍රව්‍ය අඩංගු ට්‍රක් රථ 8ක් දැනටමත් විපතට පත් ප්‍රදේශවලට යවලා තියෙනවා. ඒ වගේම තාවකාලික නිවාස ඉදි කරන්නත් හානි වුණ නිවාස සහ නමස්කාර මධ්‍යස්ථාන පිළිසකර කරන්නත් ශාඛා කාර්යාලය කටයුතු ආරම්භ කරලා තියෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය, ලෝක ව්‍යාප්ත සේවය සඳහා සාක්ෂිකරුවන්ට ලැබෙන සම්මාදම් යොදාගෙන ලෝක මූලස්ථානයේ සිට සහන සේවා කටයුතු සංවිධානය කරනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: 1-718-560-5000

පිලිපීනය: ඩීන් ජේසෙක්, 63-2-224-4444