Skip to content

2014 පෙබරවාරි 17
පිලිපීනය

අලුත්ම තොරතුරු: පිලිපීනයේ හයියාන් සුළි කුණාටුවෙන් විපතට පත් අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහන සලසයි

අලුත්ම තොරතුරු: පිලිපීනයේ හයියාන් සුළි කුණාටුවෙන් විපතට පත් අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහන සලසයි

පිලිපීනයේ මැනිලා - හයියාන් සුළි කුණාටුවෙන් පිලිපීනයට ලොකු හානියක් සිද්ධ වුණා. පිලිපීනයේ විපතට පත් වූ අයට ලෝකේ හැම පැත්තකින්ම සහනාධාර ලබා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩපිළිවෙළක් යෙදුවා.

විපතට මුහුණ දුන්න අයට ඉක්මනින්ම අවශ්‍ය උපකාර ලබා දෙන්න මැනිලාවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගින් සහන සේවා කමිටු පහක් පිහිටෙව්වා. මධ්‍යම පිලිපීනයට සහනාධාර ටොන් 190කට වඩා වැඩි ප්‍රමාණයක් යවලා තියෙනවා. අඩුම තරමින් රටවල් දහයකවත් ඉන්න සාක්ෂිකරුවන් උදව් කරන්න ඉදිරිපත් වුණා. නිවාස 2,000කට වැඩි සංඛ්‍යාවක් ආපහු ඉදි කරන්න, අලුත්වැඩියා කරන්න වගේම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ස්වේච්ඡා සේවකයන් ඉදිරිපත් වෙලා ඉන්නවා.

සාක්ෂිකරුවන් සාමාර් දූපතේ කැල්බයෝග් නගරය කිට්ටුව පිහිටෙව්ව සරණාගත කඳවුරක 225 දෙනෙක් තවමත් ඉන්නවා. ගණන් බලලා තියෙන විදිහට ඒකේ ඉන්න අයගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක් සාක්ෂිකරුවන් නොවන අයයි.

සිද්ධ වෙලා තියෙන හානිය දිහා බැලුවම මේක දරුණුම සුළි කුණාටුවක් කියන එක පැහැදිලියි. මැරුණ ගණන 6,201 දක්වා වැඩි වෙලා තියෙනවා. 1,785ක් අතුරුදහන්. 28,000ක් විතර තුවාල ලැබුවා. නිවාස මිලියනයකට වඩා වැඩි ගණනක් හානියට පත් වෙලා. සාක්ෂිකරුවන් 33 දෙනෙක් මිය ගිහින් කියලත් තවත් 10 දෙනෙක් අතරුදහන් වෙලා කියලත්, සමහරවිට ඒ අය මිය ගිහින් ඇති කියලත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පිලිපීන ශාඛා කාර්යාලය මගින් දැන් ස්ථිරවම කියනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන මාක් සැන්ඩසන් විපතට පත් වුණ අයව බලන්න යනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන මාක් සැන්ඩසන් 2013 දෙසැම්බර් 7වෙනිදා ඉඳලා දවස් හතක් පුරා හානියට ලක් වුණ පළාත් පහක් බලන්න ගියා. ඔහු කියන්නේ මෙහෙමයි. “දරුණු සුළි කුණාටුව නිසා පිලිපීනයට සිද්ධ වුණ විශාල හානියෙන් තවමත් හුඟදෙනෙක් පීඩා විඳිනවා. ඒත් අපි දිගටම ඒ අයට අවශ්‍ය සහනාධාර දෙන්නත් උදව් කරන්නත් ස්වේච්ඡා සේවකයන් වගේම හිතට සහනයක් ලබා දෙන්නත් හැම දෙයක්ම ලෑස්ති කරලයි තියෙන්නේ.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

පිලිපීනය: ඩීන් ජාචෙක්, විමසීම්: +63 2 411 6090