Skip to content

2017 අප්‍රියෙල් 21
පේරූ

පේරූ: ජලගැලීම් සහ නායයෑම්

පේරූ: ජලගැලීම් සහ නායයෑම්

ධාරානිපාත වර්ෂාව නිසා පේරූ රටේ ප්‍රාන්ත 25න් 24කම ජලගැලීම් සහ නායයෑම් සිදු වෙලා. දෙසැම්බර් සිට මාර්තු දක්වා පවතින වර්ෂා කාලයේදී සාමාන්‍යයෙන් පතිත වෙන වර්ෂාපතනය වගේ 10 ගුණයකට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණ සාක්ෂිකරුවන්ට වගේම අනිත් අයටත් උදව් කරමින් ඉන්නවා.

ජලගැලීම් නිසා සාක්ෂිකරුවන්ගේ නිවාස 530කට සහ නමස්කාර මධ්‍යස්ථාන 6කට හානි සිදු වුණා. ලීමා අගනුවරේ ඉඳලා කිලෝමීටර් 288ක් දුරින් තියෙන හුවාර්මි කියන නගරය වතුරෙන් යට වෙලා නිසා සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට එයාලාගේ නිවෙස්වල වහලවල් උඩ නැඟ සිටින්න සිදු වුණා කියලා වාර්තාවල සඳහන් වුණා.

පේරූ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය සහන සේවා කමිටු 8ක් පිහිටෙව්වා. බලධාරීන් විසින් හදිසි ආපදා තත්වයක් ප්‍රකාශ කළ ප්‍රාන්ත 12ත් ඒ කමිටු ක්‍රියාත්මක වෙනවා. ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20,000ක් විතර (ටොන් 22ක්) සහ පානීය ජලය ලීටර් 22,000ක් විපතට පත් වුණ අය අතරේ බෙදාහරින්න සහන සේවා කමිටු මේ වෙනකොටත් පියවර අරන් තියෙනවා. ඉදිරි සතිවලදී තවත් ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 44,000ක් විතර (ටොන් 48ක්) සහ ජලය ලීටර් 9,000ක් යවන්න බලාපොරොත්තු වෙනවා. පේරූ රටේ ඉන්න සාක්ෂිකරුවන් සිය ගණනක් පිරිසිදු කරන්න සහ අලුත්වැඩියා කටයුතු කරන්න කැමැත්තෙන්ම හවුල් වෙලා ඉන්නවා.

සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම් යොදාගෙන ලෝක මූලස්ථානයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය සහන සේවා කටයුතුවලට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙමින් සිටිනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

පේරූ: නෝමන් ආර්. ක්‍රිප්ස්, +51-1-708-9000