2014 ඔක්තෝබර් 29
මෙක්සිකෝව
මෙක්සිකෝවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔඩිලේ චණ්ඩමාරුතයට ගොදුරු වුණ අයට උදව් කරයි
2014 සැප්තැම්බර් 15වෙනි සඳුදා බජා කැලිෆෝර්නියා වෙරළ තීරය හරහා හමා ගිය ඔඩිලේ චණ්ඩමාරුතයෙන් පීඩා වින්ද අයට අවශ්‍ය කෑම, වතුර, බෙහෙත් හේත් වගේ දේවල් ඒ අවට ප්‍රදේශවල හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ලබා දුන්නා. 1967න් පසුව ඒ ප්‍රදේශයට හැමුව දරුණුම චණ්ඩමාරුතය ඒකයි. ඒ වුණත් කිසිම සාක්ෂිකරුවෙක් මරණයට පත් වුණේවත් ඔවුන්ට තුවාලයක් වුණේවත් නැහැ. ඒත් එයින් ඔවුන්ගේ නිවාස 82ක් විනාශ වුණා. තවත් 85කට බරපතළ අලාභහානි සිදු වුණා. පවුල් 125කට උන්හිටි තැන් අහිමි වුණා. හැබැයි අනිත් සාක්ෂිකරුවන් ඔවුන්ගේ නිවාස අසරණ වූ අය වෙනුවෙන් විවෘත කෙරුවා. චණ්ඩමාරුතය එන්න දවස් 4කට කලින් සාක්ෂිකරුවන්ගේ සහනාධාර කමිටුව විසින් ඒ වගේ විපතකට ලෑස්ති වෙන්න කරන්න ඕන දේවල් සඳහන් කරලා ඒ ප්‍රදේශයේ සභාවලට ලියුම් යැව්වා. මේ අතර ලේසියෙන් විනාශ වෙන්න ඉඩ තිබුණ නිවාසවල පදිංචිව හිටපු සාක්ෂිකරුවන්ව වෙනත් සාක්ෂිකරුවන්ගේ නිවාසවලට යවන්නත් සාක්ෂිකරුවන් අතර සිටින වැඩිමහල්ලන් පියවර ගත්තා. මෙක්සිකෝවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගින් සහනාධාර ටොන් 20කට වඩා විපතට පත් ප්‍රදේශයට යැව්වා.
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000
මෙක්සිකෝව: ගෙමේලියල් කැමරියෝ, විමසීම්: +52 555 133 3048