Skip to content

2014 ජූලි 3
මෙක්සිකෝව

සාක්ෂිකරුවන් සහභාගි වුණු පොත් ප්‍රදර්ශනයක්

සාක්ෂිකරුවන් සහභාගි වුණු පොත් ප්‍රදර්ශනයක්

මෙක්සිකෝ නගරය—2014 අප්‍රියෙල් 25 සිට මැයි 4වෙනිදා දක්වා මෙක්සිකෝ නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දැවැන්ත පොත් ප්‍රදර්ශනයක් (Expo Publica Book Fair) තිබුණා. ඒකට සහභාගි වුණු පොත් ප්‍රකාශයන් 150දෙනා අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද හිටියා. මේ ප්‍රදර්ශනය නරඹන්න 20,000ක් විතර ආවා.

බයිබලය මත පදනම් පොත් පත්, සඟරා හා වීඩියෝ සාක්ෂිකරුවන්ගේ ප්‍රදර්ශන කුටියේ දකින්න තිබුණා. ඒ වගේම භාෂා 650කට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔවුන්ගේ නිල වෙබ් අඩවියත් (www.pr418.com) ප්‍රදර්ශනය කරලා තිබුණා. ප්‍රදර්ශනය නරඹන්න ආපු අය ඔවුන්ගෙන් පොත් පත් 1,600කට වඩා ලබාගත්තා. සාක්ෂිකරුවන් තමන්ගේ නිවසට ඇවිත් බයිබලයේ තියෙන තොරතුරු කියලා දෙනවටත් ගොඩක් අය කැමති වුණා. සාමාන්‍යයෙන් සාක්ෂිකරුවන් පොත් පත් ලබා දෙන්නෙත් කැමති අයත් එක්ක බයිබලයේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්නෙත් නොමිලේ.

මෙක්සිකොවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ගෙමේලියල් කැමරියෝ මෙහෙම කිව්වා. “අපේ ප්‍රදර්ශන කුටියට හුඟදෙනෙක් ආපු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. බයිබලය ගැනත් අපේ වෙබ් අඩවිය ගැනත් ඒ අය ලොකු උනන්දුවක් පෙන්නුවා. අපේ කුටියෙන් කාර්යබහුල අයට, ඔවුන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන තොරතුරු ලේසියෙන්ම ලබාගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම සමාජ සේවයක්. අපි බලාපොරොත්තු වුණ දේ ඒ විදිහටම කරන්න අපිට පුළුවන් වුණා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරුතුරු අංශය, විමසීම්: +1 718 560 5000

මෙක්සිකෝව: ගෙමේලියල් කැමරියෝ, විමසීම්: +52 555 133 3048