2014 නොවැම්බර් 28
මෙක්සිකෝව
ක්‍රීඩාංගණය සුද්ද කරපු සාක්ෂිකරුවන්ට මෙක්සිකෝවේ නිලධාරීන්ගෙන් ප්‍රශංසා
මෙක්සිකෝ නගරය—2014 ජූනි 7වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 250දෙනෙකුටත් වඩා පිරිසක් බල්දොමේරා “මෙලෝ” අල්මාදා ක්‍රීඩාංගණයට ආවා. විශේෂ අවස්ථාවකට ක්‍රීඩාංගණ සංකීර්ණය සුද්ද පවිත්‍ර කරලා දෙන්න ආපු ඔවුන්ට නිලධාරීන්ගේ ප්‍රශංසාව හිමි වුණා.
2014 ජූලි 7වෙනිදා ක්‍රීඩාංගණයේ අලුත් ධාවන පථය විවෘත කරන්න ආණ්ඩුකාරවරයා පැමිණීමට නියමිතව තිබුණා. හුවාටාබැම්පො නගර සභා ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය අන්තෝනියෝ කෝතා මාක්වෙස් මාස ගාණක් පුරා උදව්වට සෙනඟ හෙව්වත් කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීමට එකඟ වුණා. ඔවුන් ඔහුට විතරක් නෙමෙයි, ක්‍රීඩාංගණයෙන් කුණු කසළ ඉවත් කරන්න, තීන්ත ගාන්න, පිට්ටනිය සකස් කරන්න වගේ දේවල් කරන්න ක්‍රීඩා සංකීර්ණයේ පිරිසිදු කිරීමේ කටයුතු කළ අයටත් සහය වුණා.
අධ්‍යක්ෂකවරයා සාක්ෂිකරුවන්ට අඬගැහුවේ ඇයි? ස්පාඤ්ඤ සහ මායෝ භාෂාවලින් බයිබල් අධ්‍යාපන වැඩසටහන් පවත්වන්න එහි ක්‍රීඩා සංකීර්ණයේ ශ්‍රවණාගාරයක් ඔවුන් නිතර පාවිච්චි කරලා තිබුණා. සාක්ෂිකරුවන් එය කොයි තරම් හොඳට රැකබලා ගත්තද කියලා ඔහු දැනගෙන හිටියා. මේ වතාවේදීත් සාක්ෂිකරුවන් ක්‍රීඩා සංකීර්ණය පිරිසිදු කරපු විදිහත් අළුත්වැඩියා කරපු විදිහත් ඔහු දැක්කා. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කිව්වේ මෙහෙමයි. “අපේ ක්‍රීඩා සංකීර්ණය සුද්ද පවිත්‍ර කරන්න තමන්ගේ කාලය වැය කරපු, අනුන් වෙනුවෙන් කැප වෙන පිරිසක් හිටපු එක අපිට ලොකු සහනයක්.” පසුව ඔහු මෙහෙම කිව්වා. “අපේ නගරාධිපතිවරයා වන රැමොන් ඩියෑස් නිඑබ්ලාස් වෙනුවෙන් මම ඔයාලාව හුඟක් අගය කරනවා. ඔයාලගේ සංවිධානයේ කටයුතු කරගෙන යන්න ඉදිරියටත් අපේ සංකීර්ණය විවෘතයි. වගකීමෙන් වගේම සහයෝගයෙන් වැඩ කෙරුවට ඔයාලට ගොඩක් ස්තුතියි.”
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000
මෙක්සිකෝව: ගෙමේලියල් කැමරියෝ, විමසීම්: +52 555 133 3000