Skip to content

2016 පෙබරවාරි 3
මෙක්සිකෝව

සිරකරුවන්ව යහමඟට ගෙනා සාක්ෂිකරුවන්ව පසසයි

සිරකරුවන්ව යහමඟට ගෙනා සාක්ෂිකරුවන්ව පසසයි

මෙක්සිකෝ නගරය - මෙක්සිකෝවේ බාහා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නිලධාරීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විශේෂ සහතිකයක් පිරිනැමුවා. ඒ සිරකරුවන් වෙනුවෙන් ඔවුන් කරන බයිබල් අධ්‍යාපනික වැඩසටහන අගය කිරීමක් හැටියටයි. මේ සහතිකයට අත්සන් තැබුවේ මහජන ආරක්ෂක අංශයේ ලේකම් ඩැනියෙල් ඩි ලා රෝසා අනායා සහ ප්‍රාදේශීය සිරකඳවුරු පරිපාලන අංශයේ ලේකම් හේසුස් හෙක්ට ග්‍රිහාල්වා ටාපියා.

ඒ සහතිකයේ සඳහන් වුණේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බාහා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනයා වෙනුවෙන් කරන මිල කළ නොහැකි සේවය අපි බොහෝ සෙයින් අගය කරනවා. සිරකඳවුරුවල ඉන්න අයව සමාජයට බරක් නොවන වැඩදායී පුද්ගලයන් කරන්න ඔවුන් ගන්න වෑයම ප්‍රශංසනීයයි. රජය වෙනුවෙන් මේ සහතිකපත පිරිනමන්නේ මහජන ආරක්ෂක අංශයේ ලේකම් විසිනුයි.”

මෙක්සිකාලිවල මහජන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක හේසුස් මැනුවෙල් ලෝපේස් මොරේනො

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බාහා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ තියෙන සිරකඳවුරුවල ඉන්න අයව නිතරම හම්බ වෙන්න යනවා. ඔවුන් යන එක් සිරකඳවුරක් තියෙන්නේ මෙක්සිකාලිවල. සාක්ෂිකරුවන් මේ කඳවුරට යන්න පටන්ගත්තේ 1991දී. ඒ සිරකරුවෙක් කරපු ඉල්ලීමක් නිසයි. මෙක්සිකාලිවල මහජන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක හේසුස් මැනුවෙල් ලෝපේස් මොරේනො සාක්ෂිකරුවන් සමඟ කරපු සාකච්ඡාවකදී මෙහෙම කිව්වා. “හිරකාරයෝ වුණත් එයාලත් මිනිස්සු. ඔයාලගේ මේ අධ්‍යාපන වැඩසටහන නිසා එයාලගේ වැරදි හදාගෙන අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න එයාලට පුළුවන්. ඒ අයටත් පුළුවන් කවදා හරි සමාජයට වැඩදායී පුද්ගලයන් වෙන්න.”

මෙක්සිකෝවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන ගමාලියෙල් කැමරිල්ලෝ මේ වැඩසටහන ගැන මෙහෙම කිව්වා. “සාක්ෂිකරුවන් ගොඩක් කැමතියි හැම කෙනෙක්ටම බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් කරන්න. සිරකරුවන්වත් අපි අමතක කරන්නේ නැහැ. මෙක්සිකාලිවල නමස්කාර මධ්‍යස්ථානයකින් ලැබුණ වාර්තාවකට අනුව මෙක්සිකාලි කඳවුරේ සිරදඬුවම් විඳින කාලේදීම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අටදෙනෙක් බව්තීස්ම වෙලා තියෙනවා. මොන තත්වයක හිටියත් හැම කෙනෙක්ටම බයිබලේ තියෙන වටිනා දේවල් දැනගන්න අවස්ථාවක් ලබා දෙන එක තමයි අපේ අරමුණ.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

මෙක්සිකෝව: ගමාලියෙල් කැමරිල්ලෝ, විමසීම්: +52 555 133 3048