2015 මාර්තු 06
මොසැම්බික්
ජලයෙන් යට වුණ මොසැම්බික්වලට සාක්ෂිකරුවන් ගොඩබිමින් හා ගුවනින් සහන සපයයි
මොසැම්බික්වල මපුටෝ - දෙසැම්බර් ඉඳලා ජනවාරි මැද වෙනකල් ඇද හැළුණු වැස්ස නිසා මොසැම්බික්වල සැම්බිසියා කියන පළාත සම්පූර්ණයෙන්ම යට වෙලා 158දෙනෙක් මිය ගියා. මොසැම්බික්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය පැවසුවේ කිසිම සාක්ෂිකරුවෙක් මිය ගියේවත් තුවාල ලැබුවේවත් නැහැ කියලයි. කොහොමවුණත් ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථාන දෙකකට හානි සිදු වුණා. ගෙවල් 225කුත් කැඩී බිඳී ගියා.
ඒ පළාතේ ඉන්න තමන්ගේ සභාවේ අයට උදව් කරන්න සාක්ෂිකරුවන් සහන සේවා කමිටු කීපයක්ම පිහිටෙව්වා. සමහර නමස්කාර මධ්‍යස්ථාන තාවකාලික නිවාස හැටියටත් කෑම බෙදාහරින ස්ථාන හැටියටත් පාවිච්චි කළා. මපුටෝවලින් කිලෝමීටර් 1,500ක් ඈතට වෙන්න තියෙන චයර් දිස්ත්‍රික්කයට ඇතුල් වෙන පාලම් කැඩී බිඳී ගිය නිසා එහේ හිටිය සාක්ෂිකරුවන් 1,300ක් විතර අතරමං වුණා. මොසැම්බික්වල සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසර අරන් සාක්ෂිකරුවන් ඒ දිස්ත්‍රික්කයේ ඉන්න අයට සහනාධාර ටොන් 17කට වැඩි ප්‍රමාණයක් හෙලිකොප්ටර් මාර්ගයෙන් ලැබෙන්න සැලැස්සුවා.
මොසැම්බික්වල ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන ඇල්බෙටෝ ලයිබම්බෝ මෙහෙම කියනවා. “මෙහේ ඉන්න අපේ සහෝදරයන්ට උදව් කරන්න අපේ ආගමේ අනිත් අය පරිත්‍යාගශීලීව ඉදිරිපත් වෙන විදිහ හරි පුදුමයි. අත්‍යවශ්‍ය ආහාර බෙදාහරින්නත් නිවාස අලුත්වැඩියා කරන්න සහ ඉදි කරන්නත් මොසැම්බික් ශාඛා කාර්යාලය දිගටම සැලසුම් යොදමින් ඉන්නවා. පීඩාවට මුහුණ දීලා ඉන්න හැමෝටම අවශ්‍ය උපකාර ලබා දෙමින් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන්නත් අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරනවා.”
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000
මොසැම්බික්: ඇල්බෙටෝ ලයිබම්බෝ, විමසීම්: +258 21 450 500