Skip to content

පලා යන අයට නවතින්න ලෑස්ති කරලා තියෙන තියාකිව්වල සමුළු ශාලාව

2022 මාර්තු 8
යුක්රේනය

අලුත්ම තත්වය අංක 1 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි!

අලුත්ම තත්වය අංක 1 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි!

දිගින් දිගටම යුක්රේනයට එල්ල වෙන බෝම්බ ප්‍රහාර නිසා මාරියුපෝල්, කාර්කිව්, හොස්තොමෙල් සහ වෙනත් ප්‍රදේශවල ජීවත් වෙන සහෝදර සහෝදරියන් ඉන්නේ හරිම අමාරුවෙන්. එයාලගෙන් සමහර අය සතියක් විතර තිස්සේ ඉන්නේ පොළොව යට හදාගත්ත ආරක්ෂිත තැන්වල. කෑම බීමත් දවසින් දවස හිඟ වේගෙන යනවා. කරන්ට් සහ ඉන්ටර්නෙට් ලැබෙන්නේ කඩින් කඩ. ඒ නිසා එයාලා ගැන හොයලා බලන එක සහෝදරයන්ට ගොඩක් අමාරු වෙලා තියෙනවා.

මිර්නොරාඩ් කියන ප්‍රදේශයේ හිටපු සහෝදර දිමිත්‍රෝ රොස්ඩෝස්කී බිම් බෝම්බයකට අහු වෙලා මරණයට පත් වුණා. වැඩිමහල්ලෙක් වුණ එයාගේ වයස අවුරුදු 28යි. ඒ ගැන අපිට හරිම කණගාටුයි. මේ දරුණු යුද්ධයට මැදි වෙලා ඉන්න අපේ සහෝදර පවුල් ගැනත් මැරුණ අය නිසා වියෝදුකින් ඉන්න හැමෝම ගැනත් කියලා අපි දිගටම යාච්ඤා කරනවා.—2 තෙසලෝනික 3:1.

බෝම්බ ප්‍රහාරයෙන් ඔව්රුච් නගරයේ තියෙන නමස්කාර මධ්‍යස්ථානයකට හොඳටම හානි වුණා

පහළ තියෙන්නේ 2022 මාර්තු 7වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු.

යුද්ධය මේ දක්වා බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 2නෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 8දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 20,617දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 25ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 29කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 173කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 5කටත් හානි වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 6,548දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 7,008දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා

  • බටහිර යුක්රේනයේ තියෙන සමුළු ශාලාවක් සහ ලුවිව්, ඉවානො ෆ්‍රැන්කිව්ස්ක් වගේ ප්‍රදේශවල තියෙන නමස්කාර මධ්‍යස්ථාන 30ක් විතර පලා යන අය වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා