Skip to content

2016 පෙබරවාරි 13
යුක්රේනය

යුධ කලාපයක ඉන්න අයට විශේෂ රැස්වීමක්

යුධ කලාපයක ඉන්න අයට විශේෂ රැස්වීමක්

යුක්රේනයේ ලිවිව් - 2015 පෙබරවාරි 14වෙනිදා යුක්රේනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශේෂ රැස්වීමක් සැලසුම් කළා. ඒකෙ අරමුණ වුණේ, නැඟෙනහිර යුක්රේනයේ යුධ කලාපයේ ඉන්න සාක්ෂිකරුවන් 17,000කට වැඩිදෙනෙක්ට බයිබලය තුළින් දිරිගැන්වීම් ලබා දීමයි. පැය දෙකක් පුරා පැවතුණ මේ විශේෂ රැස්වීම ලිවිව්වල තියෙන ශාඛා කාර්යාලයේ ඉඳලා වීඩියෝ මගින් විකාශනය කරද්දී රට පුරාම ඉන්න සාක්ෂිකරුවන්ට ඒක බලන්න අවස්ථාව ලැබුණා. 2015 ජනවාරි 24වෙනිදා යුක්රේනයේ මාරියුපෝල් නගරයට එල්ල වුණ රොකට් ප්‍රහාර නිසා සාක්ෂිකරුවන්ගේ නිවාස 61කට පමණ අලාභහානි වුණා. ඒ විතරක් නෙමෙයි අවුරුදු 16ක් වයස සාක්ෂිකරුවෙක් මරණයට පත් වුණා. තවත් සාක්ෂිකරුවෙක්ට බරපතළ විදිහට තුවාල වුණා. ඒ නිසා පෙබරවාරි 14වෙනිදා පැවැත්වූ මේ රැස්වීම නිසා යුධ කලාපයේ ඉන්න අයගේ හිත්වලට දැනුණේ ලොකු සහනයක්.

යුක්රේනයේ ශාඛා කාර්යාලයේ සිට විකාශනය කළ වැඩසටහන බලන්න යුධ කලාපයේ මැකියිව්කාවල නමස්කාර මධ්‍යස්ථානයකට රැස් වූ පිරිසක්.

මේ රැස්වීම පටිගත කරලා, බෙලෝරුසියාවේ සහ රුසියාවේ ඉන්න සාක්ෂිකරුවන්ටත් දකින්න සලස්වන්න රුසියාවේ සහ යුක්රේනයේ ශාඛා කාර්යාලවලින් සැලසුම් කළා. ප්‍රතිඵලයක් විදිහට යුක්රේනයේ 1,50,841දෙනාට අමතරව බෙලෝරුසියාවේ සහ රුසියාවේ ඉන්න 1,86,258දෙනෙක්ටත් ඒ වැඩසටහන බලන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩසටහන නරඹපු මුළු සංඛ්‍යාව 3,37,099යි.

යුක්රේනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ගූස්ටාව් බෙර්කි මෙහෙම කිව්වා. “සහන සේවා සලසන්න අපි පියවර අරගෙන තියෙන නිසා යුක්රේනයේ යුධ කලාපයේ ඉන්න අයට ඒක ලොකු සහනයක් වෙලා තියෙනවා. ඒ වගේම රුසියාවේ ‘රොස්තව්-ඔන්-ඩාන්වල’ ඉන්න සහන සේවා කමිටුවේ අය සරණාගතයන් වෙලා ඉන්න අපේ යාළුවන්ව හොඳින් බලාගන්නවා.”

රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන යරොස්ලාව් සිවල්ස්කි කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනික සහ යුධ ගැටුම්වලදී කිසිම විදිහකින් පැති ගන්නේ නැහැ කියලා ලෝකෙ පුරාම ඉන්න හුඟදෙනෙක් දන්නවා. ඔවුන් එහෙම කරන්නේ බයිබලයේ තියෙන මොන ප්‍රතිපත්ති නිසාද කියලා මේ රැස්වීමේදී සාකච්ඡා කළා. ඒ විතරක් නෙමෙයි අපි රුසියාවෙන් වුණත් යුක්රේනයෙන් වුණත් වෙන ජාතියකින් වුණත් යුධ ගැටුම්වලදී කිසිම පැත්තක් නොගෙන ඉන්න එකේ වැදගත්කම ඒ රැස්වීමේදී හොඳින් පැහැදිලි කළා.”

නිවස ඇතුළේ ඉද්දී රොකට් ප්‍රහාර එල්ල වුණත් දිවි ගලවාගත් ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ හෝර්ලොව්කාවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක්.

යුද්ධය නිසා පීඩාවට පත් වෙලා ඉන්න අයට උපකාර කරන්න යුක්රේනයේ ශාඛා කාර්යාලයෙන් මේ වෙද්දී සහන සේවා කමිටු 14ක් පිහිටුවලා තියෙනවා. මේ කමිටු මගින්, අවතැන් වුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සහ අනිත් අයට ආහාර ටොන් 149කට වඩා සහ රෙදිපිළි ටොන් 21කට වඩා ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි විනාශ වුණ නිවාස සහ නමස්කාර මධ්‍යස්ථාන පිළිසකර කරන්නත් සරණාගතයන් 7,600කට වැඩිදෙනෙක්ට නවාතැන් සපයන්නත් ඔවුන් පියවර ගත්තා. උදාහරණයකට මාරියුපෝල් නගරය ප්‍රහාරයට ලක් වෙලා දවස් දෙකක් ඇතුළත එක සහන සේවා කමිටුවක් ස්වේච්ඡා සේවකයන් 160දෙනෙක්ව එකතු කරගෙන විනාශ වුණ නිවාස 34ක් අලුත්වැඩියා කරන්න පටන්ගත්තා.

මාරියුපෝල් නගරයේ නමස්කාර මධ්‍යස්ථානයක් අසල තියෙන රථ ගාලකට රොකට් ප්‍රහාර එල්ල වී ඇති අයුරු.

යුක්රේනයේ ශාඛා කාර්යාලයෙන්, පීඩාවට පත් වෙලා ඉන්න අයගේ මූලික අවශ්‍යතා සපුරනවාට වඩා වැඩි දෙයක් කරනවා. ඒ ගැන මාධ්‍ය ප්‍රකාශක ගූස්ටාව් බෙර්කි මෙහෙම කිව්වා. “පවත්වපු විශේෂ රැස්වීමට අමතරව සංචාරක සේවකයන් යුධ කලාපයට ගිහින් ප්‍රදේශ 136ක ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නිතරම දිරිගන්වනවා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශවල ඉන්න වැඩිමහල්ලනුත් ඒ අයට සහනයක් ලබා දෙන්න සහ බයිබලය මගින් දිරිගැන්වීම් ලබා දෙන්න ලොකු වෑයමක් දරනවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

බෙලෝරුසියාව: පාවෙල් යඩ්ලොව්ස්කි, විමසීම්: +375 17 292 93 78

රුසියාව: යරොස්ලාව් සිවල්ස්කි, විමසීම්: +7 812 702 2691

යුක්රේනය: ගූස්ටාව් බෙර්කි, විමසීම්: +38 032 240 9323