Skip to content

2014 නොවැම්බර් 11
යුක්රේනය

යුක්රේනයේ සටන් තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සාමකාමීව එක් රැස් වෙයි, බයිබලය මුදාහරියි

යුක්රේනයේ සටන් තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සාමකාමීව එක් රැස් වෙයි, බයිබලය මුදාහරියි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇන්තනි මොරිස්, ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුදාහරියි.

යුක්රේනයේ ලිවිව් - නැඟෙනහිර යුක්රේනයේ යුද්ධය පැවතුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2014 ජූලි 4-6 දක්වා ලිවිව්වලදී එකතු වුණේ “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන තුන්දින සමුළුවට සහභාගි වෙන්නයි. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇන්තනි මොරිස්, සංශෝධනය කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නවීන යුක්රේන භාෂාවෙන් මුදාහැරියා.

එහි සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගින් සමුළුවේ විශේෂ කොටස් තවත් නගර 8කට වීඩියෝ මාර්ගයෙන් සම්බන්ධ කළා. ඒ වගේම දරුණු ගැටුම් පැවතුණ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ස්ථාන 62කුත් ඒකට සම්බන්ධ කළා. ඒ ස්ථානවලට පැමිණි සංඛ්‍යාව 82,832යි. ලිවිව් ක්‍රීඩාංගණයට පැමිණි ඉහළම සංඛ්‍යාව වන 18,336යි. බව්තීස්ම වුණ මුළු සංඛ්‍යාව 1,068යි.

“නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන සමුළුවට සහභාගි වෙන්න ලිවිව් ක්‍රීඩාංගණයට පැමිණි ඉහළම සංඛ්‍යාව 18,336යි.

සමුළුවේ මුල් දවසේදී බෝම්බයක් තියෙනවා කියන ආරංචිය නිසා හැමදෙනාවම ක්‍රීඩාංගණයෙන් ඉක්මනින්ම ඉවත් කරන්න සිද්ධ වුණා. විනාඩි 11ක් ඇතුළත 16,000කට වැඩි පිරිසක් ක්‍රීඩාංගණයෙන් ඉවත් වුණා. ඒත් ඒක බොරු ආරංචියක් කියලා බලධාරීන් ස්ථිර කළාට පස්සේ වැඩසටහන ආයෙත් ආරම්භ කළා.

යුක්රේනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන වසීල් කෝබෙල් මෙහෙම කිව්වා. “අපේ සමුළුවට විශාල පිරිසක් ආපු එක ගැන අපිට සතුටුයි. ඒකේ විශේෂ අවස්ථාව වුණේ ඉංග්‍රීසි භාෂාවෙන් 2013 ඔක්තෝබර්වලදී මුදාහැරිය සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ යුක්රේන භාෂාවෙන් මුදාහැරීමයි. විශේෂයෙන්ම, යුධ වාතාවරණයක් පවතින මේ කාලයේදී සාමකාමී අනාගතයක් ගැන බයිබලයේ දීලා තියෙන පොරොන්දුව අපේ අසල්වැසියන් එක්ක බෙදාගන්න අපි හුඟක් ආසාවෙන් ඉන්නවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

යුක්රේනය: වසීල් කෝබෙල්, විමසීම්: +38 032 240 9323