Skip to content

2014 ජූලි 18
යුක්රේනය

යුක්රේනයේ සහ ක්‍රිමියාවේ සාක්ෂිකරුවන් ගැන වාර්තාවක්

යුක්රේනයේ සහ ක්‍රිමියාවේ සාක්ෂිකරුවන් ගැන වාර්තාවක්

යුක්රේනයේ ලිවිව් - 2014 ජූනි 17වෙනිදා නැඟෙනහිර යුක්රේනයේ ක්‍රැමටෝර්ස්ක් නගරයේ සාක්ෂිකරුවෙක්ව ඔහුගේ මෝටර් රථය අසල පිපිරුණ බෝම්බයකට අහු වෙලා මරණයට පත් වුණා. එහෙම වාර්තා කළේ යුක්රේනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයයි. පහුගිය මාස කීපය පුරා යුක්රේනයේ දරුණු වාතාවරණයක් පැවතුණත් වෙන කිසි සාක්ෂිකරුවෙක් මිය ගියේවත් බරපතළ ලෙස තුවාල ලැබුවේවත් නැහැ. හැබැයි ඒ වගේ දරුණු තත්වයක් තියෙන යුක්රේනයේ නැඟෙනහිර ප්‍රදේශවල ඉන්න සාක්ෂිකරුවන් සිය ගණනකට ඒ ප්‍රදේශවලින් ඉවත් වෙන්න සිද්ධ වුණා. උන්හිටි තැන් අහිමි වුණ ඒ සාක්ෂිකරුවන්ට සෙසු සාක්ෂිකරුවන් රැකවරණය ලබා දුන්නා.

දරුණු තත්වයක් තිබුණත් යුක්රේනයේ සාක්ෂිකරුවන් අනිත් අයට බයිබලයේ තියෙන සැනසිලිදායක පණිවිඩය කියනවා. සාක්ෂිකරුවන් 2014 ජූනි මාසයේ මුල්භාගයේදී නැඟෙනහිර යුරෝපයේ විශාල සමුළු කීපයක්ම කරදරයක් නැතුව පැවැත්තුවා. ආපු අයට බයිබලය මත පදනම් දේශන අහන්න පුළුවන් වුණා. එදිනෙදා ජීවිතයට අදාළ කරගන්න පුළුවන් උපදෙස් හා මඟ පෙන්වීම් බයිබලයෙන්ම පෙන්වලා දුන්නා. ඒවා නිරූපණය කරලත් පෙන්නුවා. 5,200කට වඩා වැඩිදෙනෙක් ඒ සමුළුවලට සහභාගි වුණා. ඒ වගේම සාක්ෂිකරුවන් තවත් තුන්දින සමුළු 40ක් විතර යුක්රේනයේ සහ ක්‍රිමියාවේ පවත්වනවා. අනාගතයේදී දේවරාජ්‍යය යටතේ පවතින සාමකාමී වාතාවරණය ගැන බයිබලයේ තියෙන දේ ඒ සමුළුවලදී පෙන්වලා දෙයි. ක්‍රිමියාවේ ඉන්න 7,500දෙනා ඇතුළුව 1,65,000කට වඩා වැඩිදෙනෙක් ඒ සමුළුවලට සහභාගි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මාධ්‍ය ප්‍රකාශක:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

යුක්රේනය: වසීල් කෝබෙල්, විමසීම්: +38 032 240 9323