Skip to content

2014 නොවැම්බර් 21
යුක්රේනය

අලුත්ම තත්වය: අවතැන් වූ අයට සාක්ෂිකරුවන් සහන සේවා සපයයි

අලුත්ම තත්වය: අවතැන් වූ අයට සාක්ෂිකරුවන් සහන සේවා සපයයි

යුක්රේනයේ ලිවිව්—යුක්රේනයේ නැඟෙනහිර ප්‍රදේශය වෙළාගෙන තියෙන යුද්ධය නිසා අවතැන් වුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අනිත් සාක්ෂිකරුවන් දිගටම උපකාර ලබා දෙනවා.

යුධ කලාපයෙන් පලා ගිය සාක්ෂිකරුවන් 7,500ක් පමණ දෙනාගෙන් 4,000ක් විතර දෙනෙකුගේ ඕනෑ එපාකම් සහන සේවා කමිටු 7ක් මාර්ගයෙන් රැක බලා ගනිමින් ඉන්නවා. ඒ කමිටු සංවිධානය කරන්නේ ලිවිව් නගරයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගින්. ගොදුරු වූ අනිත් අය ඔවුන්ගේ නෑදෑ හිතවතුන් වගේම යුක්රේනයේ සහ රුසියාවේ සිටින ඔවුන්ගේ සෙසු සාක්ෂිකාර සහෝදර සහෝදරියන් සමඟ තාවකාලිකව පදිංචි වෙලා ඉන්නවා. තවමත් යුධ කලාපයේ ඉන්න 17,500කට වැඩි සාක්ෂිකරුවන්ව බලාගන්න අමතර සහන සේවා කමිටු 6ක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා.

බෝම්බ පිපිරීම් නිසා සාක්ෂිකරුවන්ගේ නිවාස කිහිපයක්ම විනාශ වුණා. ඩොනෙට්ස්ක් පළාතේ මේ නිවස එයින් එකක්.

යුද්ධය පටන්ගත්ත දවසේ ඉඳලා මේ වෙනකොට සාක්ෂිකරුවන් 6දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා කියලා ලිවිව් නගරයේ තියෙන ශාඛා කාර්යාලය කියනවා. 2014 ජූනි 17 වෙනිදා ක්‍රමටෝස්ක් නගරයේ පිපිරුණු බෝම්බෙට අහු වෙලා සාක්ෂිකරුවෙක් මරණයට පත් වුණා. ඩොනෙට්ස්ක්, ස්ලොවියාන්ස්ක්, රොස්කිෂ්නෙ සහ ලුහාන්ස්ක් කියන නගරවල පිපිරුණු බෝම්බවලට සාක්ෂිකරුවන් පස්දෙනෙක් ගොදුරු වුණා.

ශාඛා කාර්යාලය සහන සේවාව හරහා සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන වගේම නිවාස කිහිපයක් නැවත සෑදීමේ කටයුතු සංවිධානය කෙරුවා.

ස්ලොවියාන්ස්ක් නගරයේ නිවසක වහල අළුත්වැඩියා කරන සාක්ෂිකරුවන් කිහිපදෙනෙක්.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

යුක්රේනය: වැසිල් කොබෙල්, විමසීම්: +38 032 240 9323