Skip to content

2017 ජූනි 19
රුසියාව

ජනාධිපති පූටින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විශේෂ සම්මානයක් පිරිනමයි!

ජනාධිපති පූටින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විශේෂ සම්මානයක් පිරිනමයි!

නිව් යෝර්ක් - 2017 මැයි 31වෙනිදා රුසියාවේ මොස්කව් නුවරේදී ජනාධිපති ව්ලැඩීමිර් පූටින් විශේෂ සම්මානයක් වලේරි සහ ටට්ටියානා නොවික් යුවළට පිරිනැමුවා. ආදර්ශවත් දෙමාපියන්ට පිරිනමන “Order of Parental Glory” කියන සම්මානයයි ඔවුන්ට ලැබුණේ. දරුවන් අටදෙනෙක් සිටින ඒ යුවළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්.

මේ සම්මාන උළෙල පැවැත්තුවේ ලෝක ළමා දිනයේදියි.

රුසියාවේ ජනාධිපතිගේ අදහසකට අනුව මුල්ම වරට ඒ සම්මානය පිරිනැමුවේ 2008 මැයි මාසයේදී. ඒ සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ අඩුම තරමින් දරුවන් හත්දෙනෙක්වත් සිටින පවුල්. දරුවන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, මානසික සහ ශාරීරික වර්ධනය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන, දරුවන්ට හොඳ ගති පැවතුම් කියා දීමේ වගකීම නිසියාකාරව ඉටු කරන දෙමාපියන්ටයි මේ සම්මානය පිරිනමන්නේ. ඒ සම්මානයෙන් පිදුම් ලබන පවුල් සලකන්නේ සමාජයට ආදර්ශවත් පවුල් හැටියටයි.

ජනාධිපතිගේ අතින් සම්මානය ලබාගන්න දරුවන් 8දෙනෙකුගේ පියෙක් වන වලේරි නොවික්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ඩේවිඩ් සෙමොනියන් මේ විදිහට අදහස් දැක්වූවා. “ඒ සම්මානය පිරිනැමීමෙන් පැහැදිලි වෙනවා සාක්ෂිකරුවන් පවත්වන බයිබල් අධ්‍යාපනික වැඩසටහන ලෝකේ පුරාම ඉන්න දෙමාපියන්ට සහ දරුවන්ට යහපත් පුරවැසියන් වීමට උදව් වෙනවා කියන කාරණය රුසියාවත් පිළිගන්නවා කියලා. රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කිරීමට දුන් නියෝගය ගැන සාක්ෂිකරුවන් කරපු අභියාචනය 2017 ජූලි 17වෙනිදා සලකා බැලීමට නියමිතයි. ජනාධිපති පූටින් සාක්ෂිකරුවන්ට දුන්න මේ සම්මානය ගැනත් එදින සැලකිල්ලට ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය ප්‍රකාශක:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000