Skip to content

2017 අප්‍රියෙල් 11
රුසියාව

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා පවත්වන නඩුව තුන්වෙනි වතාවටත් අසන්න තීරණය කරයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා පවත්වන නඩුව තුන්වෙනි වතාවටත් අසන්න තීරණය කරයි

රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා පවත්වන නඩුව තුන්වෙනි වතාවටත් අසන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙරුවා. සාක්ෂිකරුවන්ට විරුද්ධව අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ චෝදනාවලට එරෙහිව සාක්ෂි දුන් අය අතර සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක්ද සිටියා.

සෙර්ගී චිරිපානොෆ් ඉන් එක්කෙනෙක්. පරිපාලන ආයතනය අන්තවාදී ක්‍රියාවලට විරුද්ධව තියෙන නීතිරීති කඩ කිරීම නැවැත්විය යුතුයි කියා අමාත්‍යාංශය කළ චෝදනාව සත්‍යයක් නෙමෙයි කියලා ඔහු කිව්වා. කොහොමවුණත් සාක්ෂිකරුවන් ඒ නීතිය කඩ කරන්නේ කොයි විදිහටද කියලා අමාත්‍යාංශය පැහැදිලි කළේ නැහැ. වසිලි කර්ලින් තවත් අධ්‍යක්ෂකවරයෙක්. පරිපාලන මධ්‍යස්ථානය අවුරුදු 26ක් පුරා පවත්වා ගිය බව කියපු ඔහු “අපි අන්තවාදීන් විදිහට වැඩ කෙරුවේ කොයි අවස්ථාවේදීද” කියලා ඇහුවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනස් වෙලා නැහැ කියලාත් ඔවුන් බලධාරීන්ට යටත් වෙනවා කියලාත් සාමය රැකගන්න උදව් වෙන ප්‍රතිපත්ති හැමදාම රැක්කා කියලාත් කිව්වා. සාක්ෂිකරුවන්ට පීඩා කරන එක දැනටමත් පටන් අරගෙන කියලා ඔහු තවදුරටත් පැවසුවා.

ඊළඟ නඩු වාරය 2017 අප්‍රියෙල් 12වෙනිදා උදෑසන 10ට පවත්වන්න විනිශ්චයකරුවා තීරණය කළා.