2017 අප්‍රියෙල් 7
රුසියාව
රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුව දිගටම අසයි
රුසියාව පුරා තිබෙන “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානයත් ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානයත් අන්තවාදී ආයතනයක් විදිහට සලකා එහි කටයුතු තහනම් කර එය රාජසන්තක කරන්න” කියා ඉල්ලා රුසියාවේ අධිකරණ අමාත්‍යංශය නඩුවක් පැවරුවා. රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධ මේ නඩුවේ මෝසම් (යෝජනා) සහ වාචික තර්ක සලකා බැලුවාට පසුව නඩුව කල් තැබුවා. නඩු වාරය නැවත ආරම්භ වෙන්නේ 2017 අප්‍රියෙල් 6වෙනිදා සවස දෙකටයි.
නඩුව විභාග වන අතරේ එහි පැමිණ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන මාක් සැන්ඩසන් මෙහෙම කිව්වා. “පරිපාලන මධ්‍යස්ථානය විසින් ගොනු කරපු හැම යෝජනාවක්ම වාගේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කරපු එක හිතාගන්න බැහැ. තානාපති කාර්යාල සහ මානව හිමිකම් සංවිධාන රැසක නියෝජිතයන් මෙම නඩු විභාගය ඇසීමට ඇවිත් ඉන්නවා. මුළු ලෝකයම මේ දිහා බලාගෙන ඉන්නේ.”