Skip to content

2017 අප්‍රියෙල් 14
රුසියාව

සාක්ෂිකරුවන්ට විරුද්ධව යෝජනා කර ඇති තහනම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් සාක්ෂි විභාග කරයි

සාක්ෂිකරුවන්ට විරුද්ධව යෝජනා කර ඇති තහනම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් සාක්ෂි විභාග කරයි

රුසියාවේ සිටින සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා පවත්වන නඩුව 2017 අප්‍රියෙල් 12වෙනිදා හතරවෙනි දිනටත් කැඳවනු ලැබුවා. අධිකරණ අමාත්‍යංශය ඉදිරිපත් කර තිබෙන චෝදනා මගින් රුසියාව අනිත් රටවල් සමඟ ඇති කරගෙන තියෙන ගිවිසුම් විතරක් නෙමෙයි තමන්ගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කඩ කරනවා කියලා සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ස්ථිරවම කියා සිටියා.

යෝජනා කරන තහනම මගින් යුරෝපීය සම්මුතිය සහ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම ඇතුළු සම්මත ජාත්‍යන්තර නීති රුසියාවේ අධිකරණ අමාත්‍යංශය කඩ කර තිබෙන බව නීතිඥවරුන් තර්ක කළා. ඒ ගිවිසුම් වගේම රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෘදය සාක්ෂියේ නිදහස, ආගමික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, එකට රැස්වීමේ සහ නීතික ආයතනයක් පවත්වාගෙන යෑමේ නිදහස ලබා දීලා තියෙනවා.

ආණ්ඩුවෙන් අන්තවාදී පොත් පත් විදිහට ලැයිස්තුගත කර තියෙන පොත් පත් තමන්ගේ සභාවන්වල පාවිච්චි කරන්නේ නැති බවත් සාක්ෂිකරුවන් අන්තවාදයට අනුබල දෙන්නේ නැති බවත් උසාවියේදී සාක්ෂි දුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හතරදෙනා පැහැදිලිවම කිව්වා. නඩුව 2017 අප්‍රියෙල් 19දා උදෑසන 10 දක්වා කල් ගියා.