2017 අප්‍රියෙල් 21
රුසියාව
රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුව හතරවෙනි දිනටත් සලකා බලයි
නිව් යෝර්ක් - රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කරන්න කියා ඉල්ලා රුසියාවේ අධිකරණ අමාත්‍යංශය පවරපු නඩුව හතරවෙනි දිනටත් සලකා බැලුවා. එය නැරඹීමට විශාල පිරිසක් ඇවිත් සිටියා. ඊළඟ නඩු වාරය 2017 අප්‍රියෙල් 19වෙනි බදාදා උදෑසන 10ට පවත්වන්න උසාවිය තීරණය කළා.
සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටි සාක්ෂිකරුවන්ගේ නීතිඥයන් විවාදය ආරම්භ කළ අතර අධිකරණ අමාත්‍යංශය නියෝජනය කළ නීතිඥයන් හරස් ප්‍රශ්න ඉදිරිපත් කළා. සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලූ විනිශ්චයකරු අධිකරණ අමාත්‍යංශයේ නීතිඥයන්ට කියා සිටියේ පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කරන්න තියෙන නීතික පදනම නිශ්චිතව පෙන්වන්න කියලයි. විනිශ්චයකරුගේ ඉල්ලීමට සහ අනිකුත් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඔවුන් සමත් වුණේ නැහැ. නඩු වාරය අවසන් වුණේ දෙපක්ෂයේම සාක්ෂි ඇසුවාට පසුවයි.
ඊළඟ සතියේදී නඩු භාණ්ඩ ගැන සලකා බලන බව උසාවිය දන්වා සිටියා.
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000
රුසියාව: යරොස්ලාෆ් සිවුල්ස්කි, +7-911-087-8009