Skip to content

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යූරී ග්‍රිගෝරියෙවිච් ඉවානෙන්කො සාක්ෂිකරුවන්ට එරෙහිව තීන්දුව දෙයි

2017 අප්‍රියෙල් 24
රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරයි

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරයි

මුළු ලෝකයේම අප්‍රසාදය මැද 2017 අප්‍රියෙල් 20වෙනිදා රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඒ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර වැඩකටයුතු තහනම් කෙරුවා. “‘රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයත්’ එමගින් අනුග්‍රහය ලබන ප්‍රාදේශීය ආගමික සංවිධානවලත් වැඩකටයුතු තහනම් කර ඒවායේ සියලු දේපල රාජසන්තක කරන්න” කියා අධිකරණ අමාත්‍යංශය පවරා තිබූ නඩුවට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යූරී ග්‍රිගෝරියෙවිච් ඉවානෙන්කො තීන්දුව ලබා දුන්නා.

විනිසුරුවරයා තවදුරටත් සඳහන් කළේ මේ තීන්දුව මගින් රුසියාව පුරා තිබෙන සාක්ෂිකරුවන්ගේ නීතික ආයතනවල සියලු කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ඇති බවයි. සාක්ෂිකරුවන් මේ තීරණය අභියාචනාධිකරණය වෙත ගෙන ගියත් ලබා දුන් තීන්දුව මගින් සාක්ෂිකරුවන්ගේ නමස්කාර කටයුතුවලට තහංචි පැනවී හමාරයි.

පරිපාලන මධ්‍යස්ථානයේ නීතික කණ්ඩායම

වසිලි කර්ලින්ව වයස අවුරුදු 4දී ඔහුගේ දෙමාපියන් සමඟ සයිබීරියාවට පිටුවහල් කළා. ඒ ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණ නිසයි. ඔහු මෙහෙම කිව්වා. “අද තීන්දුව දුන්න මෙහොතේ ඉඳලා රුසියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත වෙනස් අතකට හැරුණා. තනියම ගත්තත් පවුල් විදිහට ගත්තත් නමස්කාර කටයුතුවල යෙදෙද්දී අපරාධකරුවන් විදිහට සලකලා නඩු පවරන්න ආණ්ඩුවට පුළුවන්.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රධාන නීතික උපදේශක ෆිලිප් බ්‍රම්ලි සඳහන්කළේ මෙහෙමයි. “අද අපිට ලබා දුන් අසාධාරණ තීන්දුව ගැන අපි කණගාටු වෙනවා. සාක්ෂිකරුවන්ට විරුද්ධව ලිඛිතව කරපු චෝදනා වගේම ඉදිරිපත් කරපු සාක්ෂි දිහා සාධාරණව බලද්දී පරිපාලන මධ්‍යස්ථානය කිසිම අවස්ථාවක ඔය කියන අන්තවාදී ක්‍රියාවලට හවුල් වුණේ නැහැ කියලා හොඳටම පැහැදිලියි. අපි මේ තීන්දුවට විරුද්ධව අභියාචනා කරනවා.”