Skip to content

2017 අප්‍රියෙල් 24
රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එරෙහිව තීන්දුවක් දෙයි

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එරෙහිව තීන්දුවක් දෙයි

නිව් යෝර්ක් - සති දෙකේ දවස් 6ක් පුරා නඩුව ඇසූ රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අන්තිමේදී තීන්දුව ප්‍රකාශ කළේ අධිකරණ අමාත්‍යංශයට පක්ෂවයි. ඒ අනුව රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයත් රට පුරා ව්‍යාප්තව තියෙන ප්‍රාදේශීය ආගමික සංවිධාන 395ත් රාජසන්තක කරන්න තීන්දු කළා. තීන්දුව දුන් මොහොතේ සිටම එය ක්‍රියාත්මක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

“දුන්න තීන්දුව කොයි තරම් අසාධාරණද කියලා හිතද්දී අපිට දැනෙන්නේ පුදුම කලකිරීමක්. මේ තත්වය අපේ නමස්කාර වැඩවලට කොයි විදිහට බලපායිද කියලා තවම දන්නේ නැහැ” කියලා රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක යරොස්ලාෆ් සිවුල්ස්කි කිව්වා. ඔහු මෙහෙමත් කිව්වා. “අපි මේ තීන්දුවට විරුද්ධව අභියාචනා කරනවා. සාමකාමී ආගමක් විදිහට අපි සතු නීත්‍යනුකූල අයිතීන් සහ ආරක්ෂාව ඉක්මනින්ම ආයෙත් අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

දවස් 30ක් ඇතුළත අභියාචනාවක් ඉදිරිපත් කරන්න රුසියාවේ සිටින සාක්ෂිකරුවන්ට අවස්ථාව තියෙනවා. එය සලකා බලන්නේ ත්‍රිත්ව විනිසුරු මඬුල්ලක් විසින්.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

රුසියාව: යරොස්ලාෆ් සිවුල්ස්කි, +7-911-087-8009