2022 ජූනි 29,
රුසියාව
රුසියාව යුරෝපීය අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි
2022 ජූනි 11වෙනිදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පනත් කෙටුම්පත් දෙකකට අත්සන් කළා. ඒවායේ සඳහන් වුණේ 2022 මාර්තු 15වෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි (පෙර දිනක සිට ක්‍රියාත්මක වෙන විදිහට) රුසියාව මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණ (ECHR) බලප්‍රදේශයෙන් ඉවත් වෙනවා කියලයි. ඒ නිසා 2022 මාර්තු 15වෙනිදා ඉඳලා ECHR එක රුසියාවට විරුද්ධව දුන්න කිසි තීන්දුවක් රුසියාව තුළ තවදුරටත් වලංගු වෙන්නේ නැහැ. ඒ අතරට ජූනි 7වෙනිදා ECHR එක රුසියාවට විරුද්ධව දුන්න තීන්දුවත් ඇතුළත්. ඒ තීන්දුවෙන් රුසියාවට අණ කෙරුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පනවපු තහනම නීති විරෝධීයි, සාක්ෂිකරුවන්ට අපරාධ නඩු පැවරීම නවත්වන්න, රඳවාගෙන ඉන්න හැම සාක්ෂිකරුවෙක්වම නිදහස් කරන්න සහ රාජසන්තක කරලා තියෙන හැම දේපළක්ම ආයෙත් ලබා දෙන්න නැත්නම් වින්දිතයන්ට යූරෝ මිලියන 59ක (ඇමරිකානු ඩොලර් මිලියන 63ක) පමණ මුදලක් ගෙවන්න කියලයි.
ECHR එක නිකුත් කරන තීන්දු සාමාජික රටවල්වල ක්‍රියාත්මක වෙන විදිහ අධීක්ෂණය කරන්නේ යුරෝපා කවුන්සිලයේ අමාත්‍යවරුන්ගේ කමිටුවයි. රුසියාව යුරෝපා කවුන්සිලයේ සාමාජිකයෙක් වුණේ 1996දී.
තමන් යුරෝපා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන්න අදහස් කරනවා කියලා 2022 මාර්තු 15වෙනිදා රුසියාව යුරෝපා කවුන්සිලයට දැනුම් දීලා තිබුණා. ඊළඟ දවසේම කවුන්සිලය නිල වශයෙන් රුසියාව නෙරපුවා. ඒත් යුරෝපා කවුන්සිලයට සම්බන්ධ වෙද්දී අත්සන් කරපු ගිවිසුමේ කොන්දේසිවලට අනුව 2022 සැප්තැම්බර් 16වෙනිදා වෙන කල් රුසියාව යුරෝපා අධිකරණයට යටත් කියලා කවුන්සිලය රුසියාවට දැනුම් දුන්නා.
කලින් සඳහන් කරපු පනත් කෙටුම්පත් දෙක සම්මත කරගෙන යුරෝපීය අධිකරණය එක්ක තියෙන ඉතුරු බැඳීම්වලින් නිදහස් වෙන්න 2022 ජූනි 7වෙනිදා රුසියාව උත්සාහ කළා. එදාම තමයි රුසියාවේ සහෝදරයන්ට පක්ෂව යුරෝපීය අධිකරණය තීන්දුව දුන්නෙත්.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සම්බන්ධ නඩුවලදී මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය දුන්න තීන්දුව පදනම් කරගෙන තීන්දු ගන්න යුරෝපා කවුන්සිලයේ සාමාජික රටවල් හතළිස් හයේ උසාවිවලට පුළුවන්. ඒ තීන්දුවෙන් රුසියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එල්ල වෙලා තිබුණ චෝදනාවලින් එයාලව නිදොස් කරලා නිදහස් කෙරුවා. මේ තීන්දුව යෙහෝවා දෙවියන්ගේ නම නිදොස් කරන්නත් උදව් වෙලා තියෙනවා. ඇත්තටම මේ ජයග්‍රහණය ගැන හැම ප්‍රශංසාවක්ම ලැබෙන්න ඕනෙ අපේ යෙහෝවා දෙවියන්ට!—ගීතාවලිය 83:18.