Skip to content

2017 අප්‍රියෙල් 21
රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුවේ පස්වෙනි දවස: අවුරුදු දහයක් පුරා සාක්ෂිකරුවන් වින්ද නීතික ගැටලු සලකා බලයි

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුවේ පස්වෙනි දවස: අවුරුදු දහයක් පුරා සාක්ෂිකරුවන් වින්ද නීතික ගැටලු සලකා බලයි

නිව් යෝර්ක් - 2017 අප්‍රියෙල් 19වෙනි බදාදා රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කරන්න කියා ඉල්ලා අධිකරණ අමාත්‍යංශය පවරපු නඩුව අහපු පස්වෙනි දවසයි. නඩුවට සවන් දෙන්න 300ක් විතර පිරිසක් ඇවිත් සිටියා (සමහරු එතනට ආවේ පාන්දර 2ට). රුසියානු බලධාරීන් පසුගිය අවුරුදු 10 පුරා සාක්ෂිකරුවන්ට කළ අඩන්තේට්ටම් ගැන සමාලෝචනයක් උසාවියට ඉදිරිපත් කළා. ඒ වගේම නඩු භාණ්ඩ විදිහට ඉදිරිපත් කරලා තිබුණ පොත් 43ත් උසාවිය සලකා බැලුවා.

නඩු භාණ්ඩ විදිහට ඉදිරිපත් කරලා තිබුණ පොත් 43ත් උසාවිය සලකා බැලුවා.

පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කරන්න තියෙන නීතික පදනම නිශ්චිතව පෙන්වා දෙන්නවත් පරිපාලන මධ්‍යස්ථානය හෝ රුසියාවේ තිබෙන ප්‍රාදේශීය ආගමික සංවිධාන අන්තවාදී ක්‍රියාවලට හවුල් වෙනවා කියන්න සාක්ෂි ඉදිරිපත් කරන්නවත් අධිකරණ අමාත්‍යංශයේ නීතිඥයන්ට නඩුව අතරවාරයේදී පුළුවන් වුණේ නැහැ. ආණ්ඩුවෙන් පරිපාලන මධ්‍යස්ථානයට ලැබුණ සහතිකපත් සහ ලිපි නඩු භාණ්ඩ අතර තිබෙන බව පරිපාලන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙක් වන යූරි ටොපොරොෆ් කියා සිටියා. අවුරුදු ගණනාවක් පුරා ආණ්ඩුව තමන් සමාජයට වැඩදායක පිරිසක් කියලා සැලකුවා කියලා ඒවායින් ඔප්පු වන බව ඔහු කියා සිටියා. ප්‍රාදේශීය ආගමික සංවිධානත් ඒ වගේම සමාජයට වැඩක් කර තිබෙන බව ඔහු තවදුරටත් පැවසුවා. 2008 සිට අධිකරණ අමාත්‍යංශය රුසියාවේ සාක්ෂිකරුවන් පාවිච්චි කරන ප්‍රාදේශීය ආගමික සංවිධාන ගැන සෙවිල්ලෙන් සිටි බවත් සාක්ෂිකරුවන් අන්තවාදී ක්‍රියාවල හවුල් වෙන බවට කිසිම සාක්ෂියක් ඒ ස්ථානවලින් ඔවුන්ට ලැබී නැති බවත් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ තොරතුරුවල වාර්තා කරලා තිබුණා. ඒක ඇත්තක් බවට අධිකරණ අමාත්‍යංශයේ නීතිඥයන්ද පිළිගත්තා.

ඡායාරූපයේ ඉදිරි පෙළ වමේ සිට දකුණට: ඇන්ටන් ඔමෙල්චෙන්කො, මක්සිම් නොවකොෆ්, වික්ටර් ෂෙන්කොෆ් සහ යූරි ටොපොරොෆ් (රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්). පසු පෙළ වමේ සිට දකුණට: වසිලි කර්ලින් සහ සෙර්ගී චිරිපානොෆ් (රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලනමධ්‍යස්ථානයේ කමිටු සාමාජිකයන්).

නඩුව 2017 අප්‍රියෙල් 20වෙනිදා දහවල් 2ට නැවත අසන්න උසාවිය තීරණය කළා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

රුසියාව: යරොස්ලාෆ් සිවුල්ස්කි, +7-911-087-8009