Skip to content

2017 අප්‍රියෙල් 7
රුසියාව

වීඩියෝ: රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමට යෑම ගැන විශේෂඥයන් ප්‍රතිචාරය දක්වයි

වීඩියෝ: රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමට යෑම ගැන විශේෂඥයන් ප්‍රතිචාරය දක්වයි

රුසියාව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා එයාලාගේ සියලුම නීතික ආයතන රාජසන්තක කිරීම ගැන සලකා බලා තීන්දුවක් දෙන්න 2017 අප්‍රියෙල් 5වෙනිදා රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බලාපොරොත්තු වෙනවා. සාක්ෂිකරුවන්ට විරුද්ධව තීන්දුවක් දුන්නොත් නමස්කාර කටයුතුවල හවුල් වෙන සාක්ෂිකරුවන්ව අපරාධකරුවන් විදිහට බලධාරීන් සලකනවා කියා ස්ථිරයි. රුසියානු බලධාරීන් දමා ඇති මේ අසාධාරණ නඩුව ගැන වගේම වැඩ තහනම් කළොත් ඒ මගින් රුසියාවේ කීර්ති නාමයටත් රට වැසියන්ගේ ආගමික නිදහසටත් සිදු වෙන දේ ගැන රුසියාවේත් වෙනත් රටවලත් ඉන්න මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අදහස් දැක්වුවා.

  • හයිනර් බීලෆෙල්ඩ්ට්: “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අන්තවාදීන් කියනවා නම් අපිවත් අන්තවාදීන් විදිහට හංවඩු ගහන්න පුළුවන්.”

    ආගමික නිදහස පිළිබඳ සොයා බැලීමට පත් කළ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ නියෝජිත

  • රාජකීය නීතිඥ රිචඩ් ක්ලේටන්: “පටුම පටු අරමුණක් වෙනුවෙන් යොදාගත්ත පහත්ම පහත් නීතියක්.”

    ජාත්‍යන්තර මානව හිමිකම් නීතිඥ සහ වැනීසියේ කොමිසමේ එක්සත් රාජධානියේ නියෝජිත

  • ආචාර්ය මස්සිමෝ ඉන්ත්‍රොවිංඥ: “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රචණ්ඩ මිනිස්සු නෙමෙයි. එයාලා ප්‍රචණ්ඩ මිනිසුන්ගේ ගොදුරු බවට පත් වෙලා.”

    විදේශිකයන්ව රුස්සන්නේ නැති හැඟීම් සහ වර්ගවාදය පිටු දැකීම සම්බන්ධයෙන් යුරෝපා සහයෝගිතා කමිටුවේ හිටපු නියෝජිත සහ සමාජ විද්‍යාඥ

  • අනික්කා වීතාමර්: ‘සාක්ෂිකරුවන්ව අන්තවාදීන් කියලා හඳුන්වනවා නම් හුඟක් ක්‍රිස්තියානි ආගම් ඒ කාණ්ඩෙට දාන්න පුළුවන්.’

    කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ විවිධ සංස්කෘතීන් සහ ප්‍රදේශ පිළිබඳ සහායක මහාචාර්ය

  • ලුඩ්මීලා අලෙක්සෙයෙවා: “මේක අත්වැරදීමක් නෙමෙයි, මං හිතන්නේ මේක අපරාධයක්.”

    මොස්කව් හෙල්සින්කි කණ්ඩායමේ සභාපතිනි, සිවිල් සමාජය සහ මානව හිමිකම් පිළිබඳ රුසියානු ජනාධිපති කවුන්සිලයේ සාමාජික

  • අනාටෝලි වසිල්යෙවිච් ප්චෙලින්ට්සෙෆ්: “අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් කතා කරමු!”

    ආගම සහ නීතිය කියන සඟරාවේ ප්‍රධාන කර්තෘ

  • ව්ලඩීමිර් වසිල්යෙවිච් රියාකොව්ස්කි: “මේ වගේ පීඩා මුලින්ම ගේන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට. ඊටපස්සේ තමයි අනිත් අයටත් පීඩා කරන්න පටන්ගන්නේ.”

    සිවිල් සමාජය සහ මානව හිමිකම් පිළිබඳ ජනාධිපති කවුන්සිලයේ සාමාජික

  • මක්සිම් ෂෙෆ්චෙන්ක: “බලධාරීන්ගේ ඉල්ලීම හෘදය සාක්ෂියේ නිදහස කියන මූලික ප්‍රතිපත්තිය කඩ කිරීමක්.”

    ආගමික සහ වත්මන් ලෝකයේ දේශපාලන දත්ත අධ්‍යයනය ආයතනයේ සභාපති

  • ආචාර්ය හියුබට් සීවර්ට්: ‘හුඟක් උසාවිවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනාවලට කිසිම පදනමක් නැහැ.’

    ලෙයිප්සිග් විශ්වවිද්‍යාලයේ ආගම් අධ්‍යයනය පීඨයේ මහාචාර්ය

  • මෙර්සෙදෙස් මුරීයෝ මුන්‍යෝස්: “මේ ආගම ගැන ආණ්ඩුවට තියෙන්නේ පුදුම ගෞරවයක්.”

    ස්පාඤ්ඤයේ කිං හුවාන් කර්ලොස් විශ්වවිද්‍යාලයේ පූජක නීතිය පිළිබඳ මහාචාර්යවරිය

  • කොන්සුවෙලෝ මද්‍රිගාල්: “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භයානක පිරිසක් කියලා මං කොහොමටවත් හිතන්නේ නැහැ.”

    ස්පාඤ්ඤයේ නීතිඥවරියක් සහ හිටපු නීතිපතිනිය