2015 අප්‍රියෙල් 9
වානුවාටු
පාම් සුළි කුණාටුවෙන් විපතට පත් වූ අයට සාක්ෂිකරුවන් සහන සේවා සපයයි
නව කැලිඩෝනියාවේ නූමේයා—2015 මාර්තු 13 වෙනිදා රෑ පැසිෆික් සාගරයේ වානුවාටු දූපත් හරහා හමා ගිය පාම් සුළි කුණාටුව ඉතාමත් දරුණු සුළි කුණාටුවක්. නව කැලිඩෝනියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ වාර්තාවකට අනුව සාක්ෂිකරුවන්ගෙන් කිසිම කෙනෙකුට ජීවිත හානියක් හෝ අනතුරක් සිදු වෙලා නැහැ. සිදු වී ඇති දේපල හානිය මෙතෙක් හරියටම ගණන් බලා නැහැ. ඒත් දැනට ලැබී ඇති තොරුතුරුවලට අනුව ඉෆාට් දූපතේ සාක්ෂිකරුවන් 31 දෙනෙකුගේ නිවාස විනාශ වෙලා ගිය අතර 58 දෙනෙකුගේ නිවාසවලට දරුණු විදිහට අලාභානි සිදු වෙලා තියෙනවා. ටැනා දූපතේ ජීවත් වෙන සාක්ෂිකරුවන් හැම කෙනෙක්ගේම වගේ නිවාස දරුණු ලෙස හානි වෙලා හෝ විනාශ වෙලා තියෙනවා. මේ සුළි කුණාටුවෙන් නමස්කාර මධ්‍යස්ථාන 3ක් විනාශ වී ඇති අතර තවත් නමස්කාර මධ්‍යස්ථානයකට ගසක් කඩා වැටීම නිසා හානි සිදු වෙලා තියෙනවා.
විපතට පත් වූ අයට උපකාර කරන්න වානුවාටු දූපතේ අගනගරය වන පෝර්ට්-විලාවල පිහිටෙව්ව සහන සේවා අංශයෙන් සාක්ෂිකරුවන්ගේ පවුල් 100කට ආහාර, නවාතැන් පහසුකම්, පානීය ජලය වැනි දේවල් සැපයෙව්වා. ඊට අමතරව ටැනා දූපතේ හිටිය සාක්ෂිකරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීමට ටොන් එකක් පමණ සහනාධාර ලබා දුන්නා. තාවකාලික නිවාස තනා දීම, නිවෙස් අලුත්වැඩියා කිරීම, නිදාගැනීමට අවශ්‍ය දේවල් සහ ඇඳුම් වැනි සහනාධාර ලබා දීමට නව කැලිඩෝනියාවේ ශාඛා කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලය සහයෝගයෙන් වැඩ කරනවා.
නව කැලිඩෝනියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන ජෝන් පියර් ෆ්රොන්සීන් මෙහෙම කියනවා. “අපේ සහෝදර සහෝදරියන්ට පිටරටවලින් සහ ආණ්ඩුවේ ආයතනවලින් ලැබුණ උදව් අපි ගොඩාක් අගය කරනවා. දැන් වානුවාටුවල ගුවන් ගමන් යථා තත්වයට පත් වෙලා තියෙන නිසා නව කැලිඩෝනියා ශාඛා කාර්යාලයේ සහෝදරයන් සහනාධාර විතරක් නෙමෙයි අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අවශ්‍ය උදව් උපකාරත් ලබා දෙන්න කටයුතු කරනවා.”
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000
නව කැලිඩෝනියාව: ජෝන් පියර් ෆ්රොන්සීන්, විමසීම්: +687 43 75 00