Skip to content

2017 ජූනි 6
ශ්‍රී ලංකාව

ජලගැලීම් සහ නායයෑම්වලින් ශ්‍රී ලංකාවට සිදු වූ විපත

ජලගැලීම් සහ නායයෑම්වලින් ශ්‍රී ලංකාවට සිදු වූ විපත

පසුගිය මැයි 26වෙනිදා සිට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් ශ්‍රී ලංකාවේ දකුණු සහ බස්නාහිර පළාත්වලට සිදු වුණ හානිය අති විශාලයි. වාර්තාවලට අනුව 77,000කට වඩා වැඩි දෙනෙක්ට උන්හිටි තැන් අහිමි වුණා. 200කට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ජලගැලීමෙන් සහ නායයෑමෙන් විපතට පත් වුණ සෙසු සාක්ෂිකරුවන්ටත් අසල්වැසියන්ටත් උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉක්මනින්ම පියවර ගත්තා.

ඒ ආපදාවෙන් සාක්ෂිකරුවන් 100කට වඩා විපතට පත් වුණා. ඔවුන්ට කෑම බීම, ඉඳුම්හිටුම් වගේ මූලික අවශ්‍යතා ලබාදෙන්න ශ්‍රී ලංකාවේ ශාඛා කාර්යාලයෙන් සහන සේවා කමිටු 2ක් පත් කළා. ඒ විපතෙන් කිසිම සාක්ෂිකරුවෙක්ගේ ජීවිතේට හානියක් සිදු වුණේ නැහැ.

මේ සහන සේවා වැඩකටයුතු සිදු කරන්නේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දේශනා සේවය වෙනුවෙන් ලැබෙන සම්මාදම්වලින්. ඒ සඳහා මඟ පෙන්වීම් ලබා දෙන්නේ නිව් යෝර්ක්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන පාලක මණ්ඩලයයි.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යතන්තර: ඩේවිඩ් ඒ සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

ශ්‍රී ලංකාව: නිදූ ඩේවිඩ්, +94-11-2930-444