Skip to content

2015, අගෝස්තු 10
සිම්බාබ්වේ

ඓතිහාසික ජාත්‍යන්තර සමුළුවෙන් වසරකට පසු 2015දී සිම්බාබ්වේ සාක්ෂිකරුවෝ “යේසුස් වගේ වෙමු!” සමුළුව පවත්වයි

ඓතිහාසික ජාත්‍යන්තර සමුළුවෙන් වසරකට පසු 2015දී සිම්බාබ්වේ සාක්ෂිකරුවෝ “යේසුස් වගේ වෙමු!” සමුළුව පවත්වයි

සිම්බාබ්වේවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2015 වසරේ පවත්වන “යේසුස් වගේ වෙමු!” කියන සමුළු වැඩසටහන් මාලාව ජූලි 31දා හරාරේ නුවරින් ආරම්භ වෙනවා. දින තුනක් පුරා තියෙන මේ සමුළුව ඔක්තෝබර් මැද දක්වා සති 12ක් එක දිගට රටේ විවිධ ස්ථානවල පැවැත්වෙනවා.

2014දී සිම්බාබ්වේවල පවත්වපු ජාත්‍යන්තර සමුළුවේදී පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෙෆ්රි ජැක්සන් දේශනයක් ඉදිරිපත් කරනවා. ඔහුගේ දෙපැත්තේ ඉන්න සහෝදරයන් දෙන්නා ඒ දේශනය පරිවර්තනය කරනවා.

සිම්බාබ්වේවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක වන ජෝන් හුඟුකා මෙහෙම කියනවා. “2014 හරාරේ නුවරේ පැවැත්වපු ජාත්‍යන්තර සමුළුව රටේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක්. ඒ සාර්ථකත්වයත් එක්කම මේ අවුරුද්දේ සමුළුව ගැනත් හැමෝටම තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක්.” රටේ ප්‍රසිද්ධ පුවත්පතක 2014 සමුළුව ගැන වාර්තා කරලා තිබුණේ මෙහෙමයි. “ඒක මෙතෙක් සිම්බාබ්වේවල තිබුණු ලොකුම ආගමික රැස්වීමයි. ඒ වසරේ මුළු රටේම කතාබහට ලක් වුණු කාරණා අතර සාක්ෂිකරුවන් මුල් තැනක් ගත්තා.”—NewsDay.

2014 සමුළුව පවත්වපු අවසන් දිනයෙදී හරාරේ ජාතික ක්‍රීඩාංගණය 82,000කට වඩා වැඩි පිරිසකගෙන් පිරී ඉතිරී ගියා. සමුළුවෙන් පස්සේ පවත්වපු සම්මුඛ සාකච්ඡාව අතරතුරේ සිම්බාබ්වේවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයෙක් වුණු සහෝදර ජෝන් ජබර් මෙහෙම කිව්වා. “බ්‍රසීලය, ජර්මනිය, ඇමෙරිකාව, සැම්බියාව, කෙන්යාව වගේ රටවලින් සාක්ෂිකරුවන් 3,500ක් ඇවිල්ලා හිටියා.”

2015දීත් සාක්ෂිකරුවන් “යේසුස් වගේ වෙමු!” කියන තුන්දින සමුළුව සිම්බාබ්වේ රටේ ස්ථාන 39ක පවත්වනවා. චීන (මැන්ඩරීන්), චිටොංගා (සිම්බාබ්වේ), ඉංග්‍රීසි, න්ඩෙබෙලේ (සිම්බාබ්වේ), ෂෝනා, ස්වහීලී සහ සිම්බාබ්වේ සංඥා භාෂාව කියන භාෂාවලින් සම්පූර්ණ සමුළුවම නැත්නම් යම් කොටසක් පවත්වනවා. සමුළුව පැවැත්වෙන දිනයන් සහ තැන් jw.org කියන සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්, දු.අ. +1 718 560 5000

සිම්බාබ්වේ: ජෝන් හුඟුකා, දු.අ. +263 4 2910591