Skip to content

2015 මාර්තු 20
සිව් දෙසින්

සාක්ෂිකරුවන් වාර්ෂිකව පවත්වන සැමරීමට මිලියන විස්සක්!

සාක්ෂිකරුවන් වාර්ෂිකව පවත්වන සැමරීමට මිලියන විස්සක්!

නිව් යෝර්ක් - 2015 අප්‍රියෙල් 3වෙනි සිකුරාදා හිරු බැස ගියාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරනවා. ඔවුන් සලකන්නේ මේක වැදගත්ම අවස්ථාවක් හැටියටයි. මේ සැමරීමට “යේසුස් දිවි පිදුවේ ඔබ වෙනුවෙන්මයි” කියන විනාඩි 45ක විශේෂ කතාවත් ඇතුළත්. ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කිරීමට සති දෙක තුනකට කලින් ඉඳලා ඔවුන්ගේ අසල්වැසියන්ට, මිතුරන්ට සහ පවුල්වල අයට මේ අවස්ථාවට එන්න කියලා ආරාධනා කරනවා.

නිව් යෝර්ක්, බෘක්ලින් ලෝක මූලස්ථානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන ජේ. ආර්. බ්‍රවුන් මෙහෙම කියනවා. “ගිය අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන 8ක් විතර යේසුස්ගේ මරණය සැමරීමට සහභාගි වෙන්න කියලා මහජනයාට ආරාධනා කළා. ඒ අවස්ථාවට මිලියන 20කට ආසන්න සංඛ්‍යාවක් ආවා. මේ අවුරුද්දේ ඊටත් වඩා වැඩිදෙනෙක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000