2024 නොවැම්බර් 8
සිව් දෙසින්
ලෝක මූලස්ථානයේ රැමාපෝ ව්‍යාපෘතිය
රැමාපෝවල වැඩ පටන්ගන්න දැන් අවසර හම්බ වුණා
2024 නොවැම්බර් 6වෙනිදා රැමාපෝ නගරයේ බලධාරීන් රැමාපෝ ව්‍යාපෘතිය පටන්ගන්න අවසර දුන්නා. ඒ අවසරය නිසා දැන් අපිට ඉදි කිරීම් වැඩ පටන්ගන්න පුළුවන්.
2023 ජූනිවල රැමාපෝ නගරේ බලධාරීන් රැමාපෝ ව්‍යාපෘතිය වෙනුවෙන් අපි කරපු සමහර සැලසුම්වලට අවසර දුන්නා. ඉදි කිරීම්වලට තැන සූදානම් කරන්න ඊටත් කලින් අවසර හම්බ වෙලා තිබුණා. උදාහරණෙකට ගස් කපන එක වගේ වැඩ ඒකෙන් අපි කරගත්තා. හැබැයි දැන් හම්බ වුණ අවසරයත් එක්ක අපිට පුළුවන් ඉදි කිරීම් වැඩ පටන්ගන්න. ඒ කියන්නේ එතනට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව හදන එක, අත්තිවාරම් දාන්න කලින් පොළොව යට තියෙන ගල් කඩලා අයින් කරන එක වගේ වැඩ දැන් පටන්ගන්න පුළුවන්. ඒ වගේම වතුර බට දාන එක වගේ අත්‍යවශ්‍ය වැඩත් දැන් කරන්න පුළුවන්.
ව්‍යාපෘති කමිටුවේ සේවය කරන සහෝදර කෙවින් පේජ් මෙහෙම කියනවා. “ලැබුණ මේ අවසරය ගැන අපිට හරිම සතුටුයි. මේ ව්‍යාපෘතිය පටන්ගත්ත වෙලේ ඉඳන් අපි දැක්කා යෙහෝවා කොහොමද අපේ ඉවසීමට, මහන්සියට ආශීර්වාද කරේ කියලා. මේ ගැන අපි යෙහෝවාට ස්තුති කරනවා. ඉස්සරහටත් මේ වැඩේට අපිට උදව් කරන්න කියලා අපි ඔහුගෙන් ඉල්ලනවා.”
රැමාපෝ ව්‍යාපෘතියේ ඉදි කිරීම් වැඩ පටන්ගන්න පුළුවන් වෙන එක ගැන අපි හැමෝටම දැනෙන්නේ පුදුම සතුටක්. මේ ව්‍යාපෘතියට හවුල් වෙන හැම කෙනෙක්ටම යෙහෝවාගේ ආශීර්වාදය අපි ඉල්ලනවා.—හග්ගයි 1:14.