Skip to content

2016 මැයි 9
සිව් දෙසින්

සාක්ෂිකරුවන්ගේ 2016 තුන්දින සමුළුව ළැදිකම ගැනයි

සාක්ෂිකරුවන්ගේ 2016 තුන්දින සමුළුව ළැදිකම ගැනයි

නිව් යෝර්ක් - “යෙහෝවා දෙවිට ළැදිව ඉන්න.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවේ තේමාව ඒකයි. මැයි 20වෙනි සිකුරාදායින් පටන්ගන්නා මේ සමුළුව මුලින්ම එක්සත් ජනපදයෙත් ඊටපස්සේ ලෝකයේ වෙනත් රටවලත් පවත්වනවා.

දින තුනක් පුරා පවත්වන මේ වැඩසටහනට දේශන ඇතුළු අංග 49ක් ඇතුළත්. හැම අංගයකින්ම කාවද්දන්නේ “ළැදිකම” කියන ගුණාංගයයි. ඉදිරිපත් කරන දේශනවලට කුඩා වීඩියෝ දර්ශන 35ක් ඇතුළත්. සෙනසුරාදා සහ ඉරිදා කෙටි චිත්‍රපටි දෙකක් පෙන්වනවා. සමුළුවේ උදේ සහ දවල් වැඩසටහන් පටන්ගන්නේ මියුසික් වීඩියෝවලින්.

අනිත් අවුරුදුවල වගේ මේ අවුරුද්දෙත් සමුළුවට ආරාධනා කරන්න සාක්ෂිකරුවන් විශේෂ ආරාධනා පතක් බෙදාහරිනවා. ඔයාලාගේ ප්‍රදේශයේ සමුළුව පවත්වන වෙලාව සහ ස්ථානය අපේ jw.org වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්. වාර්තාකරුවන්ට පුළුවන් තමන් සිටින රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් තවත් තොරතුරු ලබාගන්න. ශාඛා කාර්යාලයෙන්ම සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකගේ නමත් දැනගන්න පුළුවන්.

නිව් යෝර්ක්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක වන ඩේවිඩ් ඒ. සෙමෝනියන් මෙහෙම කියනවා. “දෙන්නෙක් එකිනෙකාට ළැදි නම් විතරයි ඒ දෙන්නා අතර තියෙන මිතුදම ශක්තිමත් වෙන්නේ. යාළුවෝ, පවුලේ අය විශේෂයෙන්ම දෙවි එක්ක බැඳීම ශක්තිමත් කරගන්න ළැදිකම කියන ගුණාංගය උදව් වෙන විදිහ මේ සමුළුවෙන් පෙන්නලා දෙනවා. මේ සමුළුවට එන හැම කෙනෙක්ම වැඩසටහනෙන් හුඟක් ප්‍රයෝජන ගනියි කියලා අපිට විශ්වාසයි.”

මාධ්‍ය ප්‍රකාශක:

ඩේවිඩ් ඒ. සෙමෝනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000