Skip to content

2017 මැයි 31
සිව් දෙසින්

සාක්ෂිකරුවන්ගේ 2017 තුන්දින සමුළු පටන්ගනියි

සාක්ෂිකරුවන්ගේ 2017 තුන්දින සමුළු පටන්ගනියි

නිව් යෝර්ක් - “අත්හරින්න එපා!” මෙදා පාර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවේ තේමාව ඒකයි. 2017 මැයි 19වෙනිදා පටන්ගන්නා මේ තුන්දින සමුළු ලෝකේ පුරා විවිධ ස්ථානවල 2018 ජනවාරි මාසය වෙන කල් පවත්වනවා. මේ සමුළුවට එන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. ඒ සඳහා විශේෂ ආරාධනා පතක් බෙදාහරින්න දැනටමත් සැලසුම් කරලයි තියෙන්නේ.

සමුළුවට සහභාගි වෙන අයගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. නිව් යෝර්ක් නගරයේ වෝර්වික්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ නියෝජිතයෙක් වන ඩේවිඩ් ඒ. සෙමෝනියන් සමුළුව ගැන කිව්වේ මෙහෙමයි. “ගිය අවුරුද්දේ ලෝකේ පුරාම ලක්ෂ 130කට ආසන්න පිරිසක් සමුළුවට සහභාගි වුණා. මේ අවුරුද්දේ ඊටත් වඩා සෙනඟක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මේ සමුළු වැඩසටහනට දේශන, සම්මුඛ සාකච්ඡා සහ කෙටි වීඩියෝ දර්ශන ඇතුළත් අංග 52ක් තියෙනවා. දින තුනේම දවල් වරුවේ ‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’ කියලා කොටස් තුනකින් යුත් චිත්‍රපටියක් නරඹන්න ඔයාලාට අවස්ථාව තියෙනවා. ඔයාගේ ප්‍රදේශයේ සමුළුව පවත්වන දිනය, වෙලාව සහ ස්ථානය jw.org කියන අපේ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්. සමුළුව ගැන මාධ්‍යයට වාර්තා කරන්න අදහස් කරන වාර්තාකරුවන්ට පුළුවන් තමන් ඉන්න රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට කතා කරලා සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකගේ නම ඇතුළු අවශ්‍ය තවත් විස්තර දැනගන්න.

සෙමෝනියන් මහතා සමුළුව ගැන මෙහෙමත් කිව්වා. “මේ පාර අපේ සමුළුව සාක්ෂිකරුවන්ට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම ලොකු හයියක් වෙයි. මොකද දුක් කරදර ආවාම ජීවිතේ එපා වෙලා හැම දෙයක්ම අත්හරින්න ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපිට එන අභියෝග ජය අරගෙන අත්හරින්නේ නැතුව විඳදරාගන්න මේ සමුළුවෙන් අපි හැමෝටම ලොකු දිරිගැන්වීමක් ලැබෙයි.”

මාධ්‍ය ප්‍රකාශක:

ඩේවිඩ් ඒ. සෙමෝනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000